Tuesday, March 06, 2018
Home
Gossip Lanka News
අගමැති රනිල් තනිකර මෛත්‍රී පන්දම් අරං පාරේ යයි
අගමැති රනිල් තනිකර මෛත්‍රී පන්දම් අරං පාරේ යයි
-
Tuesday, March 06, 2018
රාත්‍රි කාලයේ කාන්තාවන්ට මහ මග ගමන් කිරීමේදී ආරක්‍ෂාව නැති බවත් ඊට විරෝධය පළ කරමිනුත් කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ ඒකකය විසින් සංවිධානය කරන ලද විරෝධතා පා ගමනක් කොළඹදී ඊයේ (05) රාත්‍රි පැවැත්විණි.
කොළඹ කොටුව දුම්රිය ස්‌ථානයේ සිට ගාලුමුවදොර පිටිය දක්‌වා විදුලි පන්දම් සහ විරෝධතා පුවරු රැගෙන ගමන් ගත් එම පෙළපාලිය සඳහා අගමැති බිරිඳ මෛත්‍රි වික්‍රමසිංහ සහ රාජ්‍ය ඇමැතිනි සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු පිරිසක් එක්‌ව සිටියහ.
කෙසේවුවද, මේවන විට නීතිය හා සාමය අමාත්‍යධූරයේද කටයුතු කරනු ලබන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය.
