BREAKING NEWS
latest

728x90

468x60

Monday, March 26, 2018

ඉස්‌ලාම්බාද් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානය ජනපති අතින් නැවත ප්‍රතිෂ්ඨාපනය කෙරේ

පාකිස්‌තානයේ, ඉස්‌ලාම්බාද් නුවර රාජ්‍යතාන්ත්‍රික පරිශ්‍රයේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 23 දා පස්‌වරුවේ සිදුවිය. පාකිස්‌තාන ජනාධිපති මම්නුන් හුසේන් මහතාගේ විශේෂ ආරාධනය පරිදි පාකිස්‌තානයේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එරට පිහිටි එකම ක්‍රියාකාරී බෞද්ධ විහාරස්‌ථානය වන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානය වෙත පැමිණියේය. පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබාගත් ජනාධිපතිවරයා විහාර පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවකද නිරත විය.

ඉන් අනතුරුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඝායනා මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් සමරු ඵලකය නිරාවරණය කර බෞද්ධ මධ්‍යස්‌ථානය නැවත ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබීය.

බස්‌නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මාලිගාකන්ද විෙද්‍යාaදය පරිවෙනාධ්‍යක්‍ෂ ආචාර්ය අකුරටියේ නන්ද, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ වැඩබලන ලේඛකාධිකාරී ඓතිහාසික සෝමාවතී රජමහා විහාරාධිපති පහමුණේ සුමංගල, පිරිවෙන් අධ්‍යක්‍ෂ මහාචාර්ය නාබිරිත්තන්කඩවල ඥනරතන යන නාහිමිවරුද මෙම අවස්‌ථාවට වැඩම කර සිටියහ.
« PREV
NEXT »