BREAKING NEWS
latest

728x90

468x60

Monday, March 26, 2018

ලංකාවේ ජනාධිපතිවරු ආරක්ෂා කල රථ අද මහුදට බිළි

මෙරට ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආනයනය කර ඇති වෙඩි නොවදින සුපිරි මෝටර් රථ හා ජීප් රථ ගැඹුරු මුහුදේ ගිල්වා දැමීම අද (26) සිදු වනවා.

මෙම රථවල සවිකර තිබූ සන්නිවේදන උපාංග සහ වෙනත් වටිනා උපකරණ ගලවා ඉවත් කර ඇති අතර වසර ගණනාවක් පැරණි මෝටර් රථ අලූත් වැඩියා කිරීම සඳහා විශාල වියදමක් දැරීමට සිදුවීම ද මෙලෙස මුහුදේ ගිල්වා දැමීමට ප්‍රධාන හේතුවක් වනවා.

නාවික හමුදාවේ මැදිහත්වීමෙන් බටහිර ප්‍රදේශයේ ගැඹුරු මුහුදු තීරයේදී එම කටයුත්ත සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ .

මෙලෙස ගිල්වා දැමීමට නියමිත මෝටර් රථ සංඛ්‍යාව 07කට ආසන්නයි. 

මෙම වෙඩි නොවදින මෝටර් රථ වෙන්දේසි කළ නොහැකි බවයි නාවික හමුදාපතිවරයා පැවසුවේ. මෙවැනි වාහන ඉවත් කිරීමට ඇති හොඳම ක්‍රමය මෙය බවත් මීට පෙර ද මෙවැනි කටයුතු සිදු කර ඇති බවත් ප්‍රකාශ කෙරුණා.

අමෙරිකානු, බ්‍රිතාන්‍ය, රුසියානු සහ ඉන්දීය තානාපති නිලධාරින් භාවිත කළ වෙඩි නොවදින වාහනද මීට පෙර ගිල්වා දමා තිබෙනවා. මෙය ලෝකයේ පිළිගත් නීතියක් බවයි නාවික හමුදාපති සඳහන් කළේ.

මීට අමරතව එල්.ටී.ටී.ඊ සංවිධානය සතුව තිබූ වෙලින් නම් වූ නෞකාවද මුහුදේ ගිල්වා දැමීමට නියමිතයි. මෙම නෞකාව වෙන්දේසි කිරීම සඳහා මිල ගණන් කැඳවූ නමුත් ඒ සෑම අවස්ථාවකදීම ඊට හිමිවී ඇත්තේ අඩු ලන්සුවක්. එම නෞකාව ඉකුත්සමයේ නාවික හමුදාවද භාවිත කළ අතර මේවනවිට එහි කල්ඉකුත් වී ඇති බවයි නාවික හමුදාපතිවරයා පැවසුවේ. එබැවින් නෞකාවද මුහුදේ ගිල්වා දැමීමට තීරණය කර තිබෙනවා.

මෙලෙස ගිල්වා දමන ප්‍රදේශයේ කොරල් පර පද්ධතියක් හා මත්ස්‍ය ගහනයක් නිර්මාණය වීමටද මෙය හේතුවක් වන බවයි නාවික හමුදාපති වැඩිදුරටත් කියා සිටියේ.
« PREV
NEXT »