BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, March 07, 2018

අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගය ඒකාබද්ධය ඊයේ භාර නොදෙයි - වැඩේ කල් යයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් ඊයේ (06 දා) කථානායකවරයාට භාර දෙන බව පැවසූ විශ්වාසභංග යෝජනාව ඊයේ භාර දුන්නේ නැත.


මේ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී කණ්‌ඩායම ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්‌වූහ.

එම විශ්වාසභංග යෝජනාව සම්බන්ධව අනෙකුත් දේශපාලන පක්‍ෂ සමගද සාකච්ඡා කර ඔවුන්ගේ අත්සන් ලබා ගැනීම දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පැවරීමට තීරණය කළ බව රත්නපුර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී රංජිත් සොයිසා මහතා කීවේය.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් හා එජාපයේ ඇතැම් මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීමට මෙහිදී තීරණය වූ බවත් ඒ අනුව ඔවුන්ගේද සහාය ලබා මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බවත් හෙතෙම කීවේය.

එමෙන්ම රට තුළ පවත්නා තත්ත්වය පිළිබඳ සලකා බලා අද (07 දා) නුගේගොඩ පැවැත්වීමට නියමිතව තිබූ රැලිය අත්හිටුවීමට මෙම සාකච්ඡාවේදී තීරණය කළ බව ඒ මහතා කීවේය.
« PREV
NEXT »