BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, March 07, 2018

පොහොර පන්සීයට දෙන්න ගිහින් දුමින්දට ආණ්ඩුවෙන් එළියට යන්න වෙයිද?

දැනට පවතින අසාර්ථක ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කර වී ගොවීන්ට රුපියල් 500 කට සහ අනෙකුත් බෝග වගා කරන ගොවීන්ට රුපියල් 1200කට පොහොර මිටියක් ඕනෑම පොහොර අලෙවිසලකින් මිලදී ගැනීමට කටයුතු සකස් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් ආණ්ඩුවට දිගින් දිගටම දැඩි බලපෑමක් එල්ල කරමින් තිබෙන බව වාර්තා වේ.

පොහොර මිල ගොවීන්ගේ ගිණුමට බැර කිරීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ගයත් සමඟ බොහෝ ගැටලු ඇතිවූ අතර එය විසදීම සඳහා අමාත්‍ය සරත් අමුණුගම, මංගල සමරවීර සහ දුමින්ද දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක්ද ක්‍රියාත්මක වී ඇති අතර අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එහිදීද පොහොර මිල අඩු කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතු බවට ඔහු ප්‍රකාශ කර ඇත.

යම් හෙයකින් ඉදිරි සති කිහිපයේදී මෙම පොහොර ගැටලුව සඳහා තමන් යෝජනා කරනු ලබන පොහොර මිල අඩුකිරීම සහ ගොවි ජනතාවට වඩාත් පහසු ලෙස පොහොර මිලදී ගැනීම සදහා අවශ්‍ය කටයුතු සකස් කිරීම යන කරුණු පිළිබඳව ආණ්ඩුව යහපත් ප්‍රතිචාර නොදැක්වුවහොත් තමන් දරන අමාත්‍යධූරයෙන් පවා ඉවත් වීමට දුමින්ද දිසානායක අමාත්‍යවරයා තීරණය කර ඇතැයි වාර්තා වී තිබේ.
« PREV
NEXT »