BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, March 27, 2018

රතු තොල් කොල්ලාගේ සිරිකොත කාර්යාලයට සීල් තියයි


එජාප සන්නිවේදන බළකා ප‍්‍රධානී ධුරයෙන් හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ පුද්ගලික සහකාර ධුරයෙන් ඉල්ලා අස් වූ සුදත් චන්ද්‍රසේකර මහතා රාජකාරී කටයුතු කල සිරිකොත එජාප මූලස්ථානයේ කාර්යාලය සීල් තබා ඇත.

අගමැති කාර්ය මණ්ඩල බලධාරීන්ගෙන් ලද උපදෙස් මත මෙසේ සීල් තබා ඇති බව වාර්තා වෙයි.



මෙම ක‍්‍රියාමාර්ගය නිසා මෙතෙක් එහි සේවය කල පිරිසට සිරිකොත මුලස්ථානයේ රාජකාරී කිරීමට ස්ථානයක් නොමැතිව සිටින්නේ යයිද සදහන්ය.

සිය ඉල්ලා අස්වීම ලිඛිතව දන්වමින් සුදත් චන්ද්‍රසේකර මහතා සදහන් කර තිබුනේ දීර්ඝ කාලයක් කල සේවයට තමන් ලද එකම දෑවැද්ද ‘රතු තොල් ** කොල්ලා’ යන නාමකරණය පමණක් බවයි.

lankacnews
« PREV
NEXT »