BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, March 27, 2018

රනිල් එලවන විශ්වාස බංගයට එජාප 27ක් සමග ඡන්දය දෙනවා - රංගෙ බණ්ඩාර කියයි Video

අපේ‍්‍රල් 04 වැනිදා ඡන්ද විමසීමට ගන්නා විශ්වාස භංගයට පෙර එක්සත් ජාතික පක්‍ෂය පූර්ණ ප‍්‍රතිසංවිධානයකට ලක් නොකරන්නේ නම් තවත් එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් 27 දෙනෙකු සමග විශ්වාස භංගයට පක්‍ෂව ඡුන්දය ලබා දීමට හෝ ඡුන්ද විමසීමට නොපැමිණීමට කටයුතු කරන බව රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.

අගමැතිවරයාට සහාය පලකරමින් අත්සන් කරන ලද යෝජනාවට තමන් අත්සන් නොකල බවත් කිරීමටද අදහසක් නැති බවත් ඔහු සදහන් කරයි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ගැන තමනට කිසිදු විශ්වාසයක් නැති බවත් කී ඔහු මින් පෙර කිසි දිනෙක එක්සත් ජාතික පක්‍ෂ නායකයෙකු මෙතරම් අපකීර්තියට ලක් වී නැති බවද පෙන්වා දෙයි.

රාජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ආනමඩුව ආසනය සදහා තේරී පත් වූ පළාත් පාලන මන්ත‍්‍රීවරුන් දිවුරුම් දීමේ අවස්ථාව අමතමිනි.

« PREV
NEXT »