BREAKING NEWS
latest

728x90

468x60

Friday, March 16, 2018

බැසිල්ගේ ලිත් නඩුව ඇසීම තවදුරටත් වාරණය කරයි

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති රජයේ මුදලින් ලිත් මුද්‍රණය කර හිටපු ජනාධිපතිවරයාගේ ඡනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලට වාසි වන අන්දමින් බෙදා හැරීම සම්බන්ධ නඩුවක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුළතුංග මහතා ඉදිරියේ විභාග කිරීම වලක්වාලමින් පනවා ඇති තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (15) තීරණය කර තිබේ.

ඒ අනුව එම තහනම් නියෝගය ලබන මැයි මස 10 වන දින දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.
« PREV
NEXT »