BREAKING NEWS
latest

728x90

468x60

Friday, March 16, 2018

කඩුවෙල එජාප මන්ත්‍රීධුර සුජීවගේ ගොට්‌ටන්ට දීලා

මෙවර කඩුවෙල මහනගර සභාවට එක්‌සත් ජාතික පක්‍ෂයෙන් මන්ත්‍රීවරුන් පත්කිරීමේදී ඇමැති සුජීව සේනසිංහ තමන්ට හිතවත් අය තමයි පත්කරලා තියෙන්නෙ. ජ්‍යෙෂ්ඨත්වය, අඩුවාර ගණනක්‌ පරාජය වීම, ලබාගෙන ඇති ඡන්ද, ඡන්ද ප්‍රතිශතය වාගේ කිසිදු නිර්නායකයන් සලකා බලා නැහැ. මේක සුජීව සේනසිංහ සමස්‌ත කඩුවෙලටම කරපු අපරාධයක්‌."

එ.ජා.පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්‌ඩල සභික කඩුවෙල හිටපු විපක්‍ෂ නායක ප්‍රියන්ත පත්බේරිය මහතා අතුරුගිරිය සර්වෝදය ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී එම අදහස්‌ පළකළේය.

එහිදී වැඩිදුරටත් කතා කළ ප්‍රියන්ත පත්බේරිය මහතා මෙසේද පැවැසීය.

"මම දිගුකලක්‌ පක්‍ෂය වෙනුවෙන් කැපවීම් කළ කෙනෙක්‌. අපේ අජිත් රුද්‍රිගු මහතාත් එහෙමයි. මෙවර තරග කරපු හිටපු මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීධුර දෙනව කියලයි මුලින් කිව්වෙ. ඒත් වැඩිම සුදුසුකම් තියෙන මාවයි අජිතුයි කපලා දාලා. අපිට මන්ත්‍රීධුර නොලැබීම නෙමෙයි ගැටලුව.. පක්‍ෂ විනාශ කරන සුජීව වගේ අය කඩුවෙලින් ඉවත් කරන්න කියලා. මම පක්‍ෂයේ මහලේකම්තුමාගෙන් ඉල්ලා සිටිනවා. කඩුවෙල මෙවර පැරදුනෙත් සුජීව සේනසිංහගේ ක්‍රියාකලාපය නිසයි. මේ නිසා අපි කියනවා සුජීව නම්බුපිටින් ඉවත්වෙන්න ඕනෑ කියල.

හිටපු නාගරික මන්ත්‍රී අජිත් රුද්‍රිගු මහතා

"කඩුවෙල දූෂිත පාලනයත් එක්‌ක හැප්පිලා ජනතාව වෙනුවෙන් පාරට බැහැපු සැබෑ ජනතා නියෝජිතයො වන අපිව අයින් කරල තමන්ට එහෙයි කියන පිරිසක්‌ අද සුජීව මහත්තය කඩුවෙලට පත්කරලා. මේ සංවිධායක ඉන්නනම් කඩුවෙල ආයෙ එ.ජා.පයට දිනන්න හම්බවෙන්න නැහැ. මේ මන්ත්‍රීකම් දුන්නෙ තනිකරම මුදලට යටවෙලා. කඩුවෙල එ.ජා.ප. ජනතාවට කරපු විශාලම අසාධාරණය තමයි මේක. අපි පක්‍ෂ වෙනුවෙන් ජීවිත පරදුවට තියලා වැඩ කළේ. සුජීව මහත්aතයෝ මේ කරපු දේ පාරාවලල්ලක්‌ වෙලා ආපහු කැරකෙනවා. තමුන්නාස්‌සේ කඩුවෙල දේශපාලනය කරල ඉවරයි."

ලක්‌වනිතා සංගමයේ සභාපති මායා කළුබෝවිල මහත්මිය

"සුජීව කියන්නෙ කඩුවෙල කන්න ආව කෙනෙක්‌. කරපු තරමක්‌ කළේ පක්‍ෂයටයි නායකතුමාටයි හතුරුකම් මගෙ කොට්‌ඨාසයට ත්‍රිවීල් ඩ්‍රයිවර් කෙනෙක්‌ දැම්ම. මම කිව්ව සුජීවගෙන් සමාව ගත්තොත් අපේක්‍ෂකම දෙනව කියලා. මගෙ බල්ලවත් යන්නෑ. ඕකුන් පස්‌සෙ"

මෙම අවස්‌ථාවට හිටපු මන්ත්‍රී සිසිර වන්නිආරච්චි, අජිත් රුද්‍රිගු මෙන්ම විශාල පාක්‍ෂික පිරිසක්‌ද එක්‌ව සිටියහ. මෙම තත්ත්වයට එරෙහිව නවගමුව පත්තිනි දේවාලයේ දේව කන්නලව්වක්‌ කිරීමටද තීරණය විය.
« PREV
NEXT »