Thursday, March 08, 2018
Home
Gossip Lanka News
ජාතිවාදී ගිනි නාවලපිටියෙන් නිවන්න මහින්දානන්ද මැදිහත්වේ : Mahindananda Aluthgamage
ජාතිවාදී ගිනි නාවලපිටියෙන් නිවන්න මහින්දානන්ද මැදිහත්වේ : Mahindananda Aluthgamage
-
Thursday, March 08, 2018
රට තුළ විවිධ ප්‍රදේශවල උත්සන්න වෙමින් පවතින ජාතිවාදී නොසන්සුන්තාවන් මැඬපැවැත්වීම සඳහා ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය වෙත විශේෂ වගකීමක් පැවරී ඇති බවත් ප්‍රාදේශීය දේශපාලන අධිකාරීන් ඵලදායී ලෙස මැදිහත් වීම කළහොත් මෙවැනි අවාසනාවන්ත ගැටුම් වළක්වාගත හැකි බවත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.
නඩු විභාගයක් සඳහා ඊයේ (7දා) කොළඹ මහාධිකරණයට පැමිණ සිටි අවස්ථාවේදී ජනමාධ්‍යවලට අදහස් දක්වමින් අලුත්ගමගේ මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.
තමා නියෝජනය කරන නාවලපිටිය ප්‍රදේශයේ මෙවැනි අවාසනාවන්ත ගැටුම් ඇතිවීම වැළැක්වීම සඳහා තමා විශේෂ වැඩපිළිවෙළක් යෙදූ බව සඳහන් කළ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා, තම ප්‍රදේශයේ සිංහල සහ මුස්ලිම් සංවිධාන හා සර්ව ආගමික නායකයන් කැඳවා ප්‍රදේශයේ සාමය හා සංහිඳියාව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් යෙදූ බව කීය.
මෙහිදී ප්‍රදේශයේ ගැටුම්වලින් තොරව සාමය ආරක්ෂා කිරීමට සියලු පාර්ශ්ව එකඟතාව පළ කළ බවද මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා සඳහන් කළේය.
මේ ආකාරයෙන් ප්‍රාදේශීය දේශපාලන අධිකාරීන් සක්‍රිය ආකාරයට මැදිහත්වීම් සිදුකරන්නේ නම් අනවශ්‍ය ගැටුම් වළක්වා ගැනීමට හැකියාව පවතින බවද අලුත්ගමගේ මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ යටතේ ප්‍රදේශයේ සාමය පවත්වාගෙන යෑම සඳහා 12 දෙනකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුව දිනකට දෙවරක් රැස්වී ප්‍රදේශයේ අවදානම් තත්ත්වයන් හඳුනාගෙන ඒවා නිරාකරණය කිරීමටද කටයුතු යොදා ඇත.
