BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, March 21, 2018

නියෝජ්‍ය අමාත්‍ය තෙවරප්පෙරුම පක්ෂ සංවිධායක කම එපා කියයි : Palitha Thewarapperuma

අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා එක්සත් ජාතික පක්ෂ බුලත්සිංහල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වීමේ ලිපිය අද(21) නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දී ඇති බව වාර්තා වෙනවා .

තමා ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි මතුගම ආසනයේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක තනතුරින් ඉවත් කොට, කළුතර දිස්ත්‍රික්කයේ දුෂ්කරම ආසනය වන බුලත්සිංහල ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක දූරයට පත් කිරීම සම්බන්ධයෙන් මෙන්ම, 

තමන්ට දිගින් දිගටම සිදුවූ කෙනහිළිකම් සම්බන්ධයෙන් සහ තමන් පක්ෂය වෙනුවෙන් කළ කැප කිරීම් සම්බන්ධයෙන්ද එම දීර්ඝ ලිපියේ සඳහන් වනවා.

පසුගිය පළාත්පාලන මැතිවරණයේදී බුලත්සිංහල ආසනයේ පළාත් පාලන ආයතන දෙකම පරාජය වූ බවද පවසමින් ඔහු එම ඉල්ලා අස්වීමේ ලිපිය අගමැතිවරයාට ඉදිරිපත්කර තිබෙනවා.

මෙම ල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍ය වරයා විසින් භාරගෙන ඇති බවද සඳහන්ය.


« PREV
NEXT »