BREAKING NEWS
latest

728x90

468x60

Sunday, March 18, 2018

මහින්ද චින්තන පොහොර වගේ බාල පොහොර අපි දෙන්නෙ නෑ – Sagala Ratnayaka

හොඳ පොහොර මේ තියන ගුනාත්මක පොහොර ම ම අඩු මිලකට ලබාගන්න සහනාධාරයක් එක්ක තමුන්නාන්සේලාට පොහොරත් අපි ලබා දෙනව යැයි අමාත්‍ය සාගල රත්නායක මහතා කියයි.

ඒ මහතා මේ අදහස් දැක්වූයේ දෙනියාය ප්‍රදේශයේ ග්‍රමීය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම ස්‍දහා නව පාලම් දෙකක ඉදිකර ජනතා අයිතියට පත් කිරීමේ උස්සවය අමතමින්ය.

තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

‘අද මේ තමුන්නාන්සේලගේ ගමට වැදගත් දිනයක් උදාවෙලා තියෙන්නේ. මේ පාලම විතරක් නොවෙයි ලැබිච්ච වැදගත් දේ .තමුන්නාන්සේලගේ ගම නියෝජනය කරන්න තමුන්නාන්සේලාගේ හඬ නියෝජනය කරන්න අද ප්‍රාදේශිය සභාව තුලට මංත්‍රීවරයෙක් යවන්න අවස්ථාව ලැබිල තියෙනව. තමුන්නාන්සේලගෙ ප්‍රදේශයෙන් ප්‍රාදේශිය සභාව නියෝජනය කරමින් අපේ පක්ෂයේ ප්‍රදේශිය සභාව තුල ඉන්න මංත්‍රීවරය හැටියට පත් වෙනව. ඉතිං ඒ කියන්නෙ අද ඇතිවෙන්නේ වැදගත් කාලයක්. තමුන්නාන්සේලාට තියෙන ප්‍රශ්ණටික දැන් පාලමේ අඩුපාඩුව ඉවර වුණා නමුත් ඒ වගේ තව ප්‍රශ්ණ තියෙනවා තව ගොඩක්. ඒව ගැන හඬක් නගන්න. ක්‍රියාකරන්න සංවර්ධන විසදුම් ගෙන්නඒකට තමුන්නාන්සේලාගේ නියෝජිතයෙක් ඉන්නවා. අන්න ඒ වැඩටික ගන්න අපෙත් ඒ වැඩකටයුතු කරන්න ඒ අවශ්‍ය ශක්තිය ධෛර්‍ය අපි ඒ මංත්‍රීතුමාට ලබා දෙනව. තමුන්නාන්සේලාට ලබා දෙනව කියන ඒ විස්වාසය අපි දෙනව.

මැතිවරණ කාලෙදි හැමෝම තම තමන්ගෙ දේශපාලන අදහස් දැක්වුවා. විශේෂයෙන් පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ අදහස් පොහොට්ටුව කියන පක්ෂයේ ඒ අදහස් එක්සත් ජාතික පක්ෂයේ අපේ අදහස් ඇවිල්ල තියෙනවා .ජනතා විමුක්ති පෙරමුණ අදහස් දැකවූවා. දෙශපාලනය වශයෙන් බෙදුන ගම. මැතිවර්ණ කාලෙ දි විශාල හැල හැප්පිලි වුනේ නෑ.අළුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගෙන්න පටන් ගත්තා .නමුත් ගමේ දෙශපාලන අදහස් වශයෙනුත් බෙදිල හිටිය. පක්ෂ වගේම .නමුත් ඒක ඉවරයි. ඒ බෙදීම ඉවරයි. දැන් තියෙන්නේ ඒ පත් චෙව්ව අයටත් රජයක් එක්ක එකතුවෙල වැඩකරල මේ සංවර්ධනය ගමට ගේන්න. ඒක වගකීමක්. හැමෝම ඉල්ලුවේ ජනතාවට වැඩකරන්න.දැන් බලය දුන්නම වැඩ කරන්න ඕන.මේ කාලෙත් ගහගන්න බෑ.. වෙන වෙන අදහස් දරන්න බෑ. එකට වැඩ කරන්න ඕන. ඒකට අවශ්‍ය උදව් උපකාර රජයෙන් දෙනවා.

ප්‍රාදේශිය මම ඒ සියළුම මංත්‍රීවරු හමුවෙනව පත්වීම් දුන්නට පස්සෙ . හමුවෙල සියළුදෙනා සමග මම ප්‍රතිඥාවක් දෙනවා එකතු වෙලා වැඩ කරන්න.ඒ අවස්ථාවට මම බලාපොරොත්තු වෙනවා අනිකුත් පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ආරාධනා කරන්න අපි සියලු දෙනාම එකතු වෙලා මේ ජනතාව ට වැඩ කරන්න කියල. ඉතින් ඒ දේශපාලන යුගයත් රටට ඕන .නැත්තන් හැමදාම පක්ෂ භේද වෙලා වැඩ කරද්දි ජනතාවට වැඩකටයුතු වෙන්නේ නෑ.පහුගිය අවුරුදු දෙක තුන තුල ඔය ප්‍රශ්නෙ තිබුණෙ නෑ. සභාවක් තිබුනෙ නෑ ඔය වැඩකටයුතු ටික කරගෙන යන්න පුළුවන් වුණා .සභාවේ නිලධාරීන් ඒ වැඩ කටයුතු වලට උදව් කරා නමුත් මන්ත්‍රී වරයෙක් හිටියෙම තරම් කාර්යක්ෂම වෙන්නේ නෑ .නිලධාරීන් වැඩ කරද්දි මොකද මන්ත්‍රීවරයා එන්න ඕන ගමට හැමදාම .ගමට යන්න ඕන. එතකොට තමයි කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන්න. අද ඊළඟ අවුරුදු කීපය තුළ මෙම ප්‍රදේශ වල වැඩ ටික කරන්න අපි වේගයෙන් වැඩ ටික කරන්න තමුන්නාන්සේලා එක්ක එකතුවෙලා වැඩ කරනවා කියන විශ්වාසය මම දෙනවා .

සංවර්ධනය විතරක් නොවෙයි නමුත් තමුන්නාන්සේලාට තියෙන ප්‍රශ්ණ .තව ගොඩක් ප්‍රශ්න තියෙනවා ජීවන උපාය නේ .තේ ආර්ථිකය දියුණු වෙන්න ඕන දේ වල මිල නම් ගොඩක් ඉදිරියට ඇවිල්ල තියෙනවා .

මට මතකයි 2015 ජනාධිපතිවරණය කාලේ තමුන්නාන්සේලාට මොකක්ද අපි කිව්වේ අපි ඇවිල්ල කිව්වේ තේ මිල 50ට 60ටපනහට හැටට පහත බැහැලා හේ වියදමෙන් තමුන්නාන්සේලාට ජීවත් වෙන්න අමාරුයි .යන වියදම වත් තියාගන්න බැහැ ඒ නිසා අපි සහතික මිලක් දෙනවා කියල පොරොන්දු වුණා .සහතික මිල දීලා ඒ යන අතර තුර අපිට දක්ෂ කම තියෙනවා වෙළෙඳපොළ ගොඩනගලා මිල වැඩි කරන්න . 2015 මෛත්‍රීපාල ජනාධිපතිතුමා ජනාධිපතිතුමාත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා භාර ගත්තම අපිට පුළුවන් වුණත් ඒ වල සහතික මිල හදලා දෙන්න ..අපේ රුපියල් රු.80 ක සහතික මිලක් හදලා දුන්නා නමුත් ඒ වැඩසටහන් ආරම්භ වෙද්දී අපි කිව්වේ මේක වැඩි කල් දෙන්න අවශ්‍ය වෙන්නේ නෑ තේ මිල අපිට පුළුවන් වෙනවා ඉහළ මට්ටමකට ගන්න .පුළුවන් වුණාද? පුළුවන් වුණා . අද කීයද තේ වල මිල සහතික මිල 80 පහු කරලා සිහිය 110 දක්වා ද වැඩි වෙලා .ඒ කියන්නේ අපි උනන්දු උනොත් වැඩපිළිවෙළ හරියට කරොත් ඒක කරන්න පුළුවන් .තවත් ඉහලට ගන්න පුළුවන් මේ මිල මේ තෙල් මිල තවත් ඉහලට ගන්න නම් අපේ නිෂ්පාදනය වැඩිදියුණු කරන්න ඕන . අද නැවත වගාව සඳහා රුපියල් දෙලක්ෂ හැට දාහක් දෙනවා කර අක්කරයකට .

මහින්ද චින්තන පොර වගේ බාල පොහොර අපි දෙන්නෙ නෑ .හොඳ පොහොර මේ තියන ගුනාත්මක පොහොර ම ම අඩු මිලකට ලබාගන්න සහනාධාරයක් එක්ක තමුන්නාන්සේලාට පොහොරත් අපි ලබල දෙනව එතකොට මේ ඵලදාව තවත් වැඩිකරගන්න පුලුවන් ඵලදාවත් වැඩි වෙනකොට මිලත් ඉහල වැඩි වෙනකොට ජීවන උපාය තව ටිකක් දියුණු වෙනවා ..ඒ ⁣තේ කර්මාණ්තය පමණක් ජීවත් වෙන්න බෑ තරුණ තරුණියෝ වෙනවා රැකියා බලාපොරොත්තුව .තව තරුණ තරුණියෝ ඉන්නවා අපිට රැකියාවක් නෙවෙයි අපි හයියෙන් කරන්න වි්‍යාපාරයක් කර්මාන්තයක් කරන්න අපිට අපේ හිත දෙන්න කියලා ඒ වගේ ශක්තිය දැනෙන ගමේ තරුණ අයට කාන්තාවට අළුත් ණය යෝජනා ක්‍රම අඩු පොලියට ණය යෝජනාක්‍රම ඒ ටික කරනකොට මග පෙන්නන කොට ජීවන උපාය තව දුරටත් සංවිධානය කරන්න පුළුවන්’

– මොරවක ප්‍රියංකර ගමගේ
« PREV
NEXT »