BREAKING NEWS
latest

728x90

468x60

Sunday, March 04, 2018

අතුරුදහන් කාර්යාලයට පත් කර ඇත්තේ කොටි ඒජන්තයන් - විජේදාස අතුරැදන් කාර්යාලයේ වැඩ කිඩ ලෙලි අරී - Wijedasa Rajapaksa

අතුරුදහන් වූවන් පිලිබද සෙවීමේ කාර්යාලයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද කොමසාරිස්වරුන් සම්බන්දයෙන් විපක්‍ෂයෙන් මෙන්ම ආණ්ඩු පක්‍ෂයෙන්ද දැඩි විවේචන එල්ල වෙමින් ඇත.


හමුදාව යුද පරාධ කලා යයි මතය පැලකිරීමට සාදන ලද කාර්යාලයක් බවත් මෙය හමුදාව පාවා දෙන කාර්යාලයක් බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සදහන් කරයි.

මෙම කොමසාරිස්වරුන් කිසිවෙකු හමුවාවට හිතවාදී මත දරා නොමැති බවත් ඔවුන් සියළු දෙනා හමුදාව අපරාධ කලේ යයි පූර්ව නිගමනයක සිටින බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මමන්පිල මහතා පවසයි.

හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසන්නේ මෙම කොමසාරිස්වරුන් අති බහුතරයක් කොටි ඩයස්පෝරාව සමග සම්බන්ධකම් ඇති සිංහල බෞද්ද ජනතාවට එරෙහිව දැඩිව හඬ නගන අය බවයි. මෙවන් කොමිසන් සදහා පත් කල යුත්තේ ස්වාධීන මතධාරීන් මිස කොටි ඩයස්පෝරාවේ ඒජන්තයන් හෝ එන්ජී ඕ පරපුටුවන්වත් නොවන බව ජනාධිපතිවරයාට සිහිපත් කරන බවද ඔහු කියයි.

« PREV
NEXT »