BREAKING NEWS
latest

728x90

468x60

Sunday, March 04, 2018

පොහොට්ටුවට ඡන්දය දුන් සැමට ස්තුතියි - දිනන බව මං දන්නවා - චතුර නැවතත් කට අරී - නැවතත් ලොක්කන්ට උපදෙසක්

ජනවාරි 08 වැනිදා ජනතාව පාරට බැස්සේ එක එකාගෙ ඡුන්ද ව්‍යාපාරවලට බැදුම්කර මගඩියෙන් සල්ලි අරගෙන ඒවයින් මඩි තරකර ගන්න නොවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.



තමන් කී දේ නොඇසූ නායකයන්ට කණ හරහා පහරක් ගැසූ ජනතාවට තමන් හිස නමා ආචාර කරන බවද ඔහු කියයි.


මෙම ඡන්ද ප‍්‍රතිඵලය ගැන තමන් වේලාසන දැන සිටි බවත් මේ රටේ ජනතාව ගන්නා තීන්දු තීරණ ගැන තමන් දන්නා බවත් මන්ත‍්‍රිවරයා සදහන් කරයි.

බහ තෝරන වියේ සිට තම පියගෙ හෝ විජය කුමාරතුංග මහතාගේ මේ රටේ දේශපාලන පොරපිටියේ තැලී පොඩි වී තෙම්පරාදු වී ඒ පන්නරය ගත් බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය. (ලදරුවන් බහ තොරන්න ආරම්බ කරන්නේ ඉපදී මාස 12 සිට බව වෛද්‍ය මතයයි)

කලින් පැවති මැතිවරණයේදී චතුර සේනාරත්න විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට අභියෝග කලේ තමන් විසින් ඔහු බෙලි අත්තේදී පරාජය කර පෙන්වන බවත් හැකිනම් තමන් සමග තරග කරන ලෙසත්ය.

මාධ්‍ය විසින් ඒ ගැන රාජපක්‍ෂ මහතාගෙන් විමසු අවස්ථාවක ඔහු කියා සිටියේ ‘ඌ මාර පුතෙක්. ඔක්කොම කරල තියෙන්නෙ මිනිහලුනේ නේද’ කියායි.

« PREV
NEXT »