Wednesday, April 04, 2018
Home
Gossip Lanka News
දෙමල ජාතික සන්ධානයේ 13කගේ සහ මුස්ලිම් පක්ෂවල සහයත් රනිල්ට
දෙමල ජාතික සන්ධානයේ 13කගේ සහ මුස්ලිම් පක්ෂවල සහයත් රනිල්ට
-
Wednesday, April 04, 2018
ආණ්ඩුවට සහය දක්වනු ලබන මුස්ලිම් පක්ෂ සමඟ අද පස්වරුවේ රනිල් වික්‍රමසිංහ මහතා හා එජාප ප්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවලදී මුස්ලිම් පක්ෂවල සහය රනිල් වික්‍රමසිංහ මහතාය ලබාදීමට එකඟවූ බව එජාප ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු කියා සිටියේය.
ඒ, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අද (04) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විශ්වාස භංග ඡන්ද විමසීම සඳහායි.
එසේම, දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු අගමැතිවරයාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවට සහතිකවූ බව එජාප ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු පැවසිය.
දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා එජාප නායකයින් සමග අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ජාවක දී මේ සම්බන්ධයෙන් අවසන් එකඟත්වයට පැමිණ ඇති අතර එසේ එකඟවී ඇත්තේ කොන්දේසි කිහිපයක්ද සමගිනි.
අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම සාකච්ජාව සම්බන්ධීකරණය කර තිබේ.
දෙමල ජාතික සන්ධානය පාර්ලිමේන්තුවේ ආසන 16ක් නියෝජනය කරන අතර අද පැවැති රැස්වීමට ඉන් මන්ත්‍රීවරු 13 දෙනෙකු සහභාගිවී සිටි බවද මේ අතර වාර්තා වේ.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...