Thursday, April 05, 2018
Home
Gossip Lanka News
විශ්වාස භංග ඡන්ද විමසීම වර්ජනය කල මැති ඇමතිවරුනට අගමැති ස්තුති කරයි | Ranil Wickramasinghe
විශ්වාස භංග ඡන්ද විමසීම වර්ජනය කල මැති ඇමතිවරුනට අගමැති ස්තුති කරයි | Ranil Wickramasinghe
-
Thursday, April 05, 2018
ඊයේ පාර්ලිමේන්තුවේදී පැවති විශ්වාස භංග ඡන්ද විමසීමේදී තමනට ඡන්දය දුන් හා ඡන්දය දීමෙන් වැලකී සිටි සියළු මැති ඇමතිවරුන්ට ස්තුතිය පල කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
මේ බව සදහන් කරමි ඔහු විසින් සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන මෙසේය.
මෙම දුෂ්කර කාලසීමාවේදී මා වෙත සහය ලබාදුන් සියළු දෙනාට කෘතඥතාව පළකරමි.
විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දුන් මා හිතවත් මන්ත්‍රීවරුන්ට මෙන්ම ඡන්දය දීමෙන් වැළකී සිටි මන්ත්‍රීවරුන්ට ද ස්තුතිය පළකිරීමට කැමැත්තෙමි. 2015 දී අප ලබාගත් ජයග්‍රහණ තිරසරව පවත්වාගෙන යාම සඳහා අප රටේ ආගමික හා වාර්ගික ප්‍රජාවන් ඒකරාශී වීම සතුටට කරුණකි.
සතුරුකම් කරමින්, අසත්‍ය ප්‍රචාර හා මිත්‍යව පතුරුවමින් සිටි පාර්ශව පරාජය කිරීමට විවිධ ආගමික වතාවත් පැවැත්වු සියළු දෙනාට සහ පසුගිය කාලසීමාවේදී සහය පළකරමින්, ආශිර්වාද ලබා දෙමින් සුබපැතුම් පළ කළ ඔබ සියළු දෙනාට කෘතඥ වෙමි.
අප මෙම ජයග්‍රාහී අවස්ථාව භාවිත කළ යුතු වන්නේ සාමය, සමගිය, සංවර්ධනය හා යුක්තිය තහවුරු කිරීමේ වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහායි.
