BREAKING NEWS
latest

728x90

468x60

Sunday, April 29, 2018

16 කණ්ඩායම අලුත් අගමැති සමග අලුත් ආණ්ඩුවක සැරසේ - එජාප 30ක් ශ‍්‍රිලනිප 20 සමග සාකච්චා

නව අග්‍රාමාත්‍යවරයකු යටතේ රටේ ගැටලුවලට විසඳුම් ලබාදෙන නව ආණ්ඩුවක් බිහි කිරීම සඳහා වන සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙන බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවැසීය.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් සමඟ හා ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙන බවත් මේ ගැන තීරණාත්මක සාකච්ඡාවක් සිදුකිරීම සඳහා 16 දෙනාගේ කණ්ඩායම ළඟදීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බවත් දිසානායක මහතා පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන ගැන දැඩි කලකිරීමෙන් මේ වන විට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 30කට අධික සංඛ්‍යාවක් සිටින බවත් ඔවුන්ගෙන් 10 දෙනකු පසුගිය 26 වැනිදා රාත්‍රි තමා සමඟ දීර්ඝ වේලාවක් සාකච්ඡා කළ බවත් එස්.බී. දිසානායක මහතා කීය.

නව අග්‍රාමාත්‍යවරයකු යටතේ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එම සාකච්ඡාවේදී ඔවුන් මූලික එකඟතාව පළ කළ බවද දිසානායක මන්ත්‍රිවරයා සඳහන් කරයි.

මීට අමතරව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කිරීමෙන් පසුව දැනට ජාතික ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 25 දෙනාගෙන් 10 දෙනකු අනිවාර්යයෙන්ම විපක්ෂයට එක්වන බවත්, ඉතිරි 15 දෙනාගෙන් 10 දෙනකු නව ආණ්ඩුවක් සඳහා ඕනෑම වේලාවක සහාය ලබාදෙන බවට පොරොන්දු වී තිබෙන බවත් දිසානායක මහතා සඳහන් කරයි.

ඒ අනුව දැනට ජාතික ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 25 දෙනාගෙන් 5 දෙනකු හැරෙන්නට 20 දෙනකු අනිවාර්යයෙන්ම නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සහාය ලබාදෙන බවද එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි.

කිසිදු තනතුරක් භාර නොගෙන නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 54 දෙනා ඕනෑම අවස්ථාවකදී සහාය ලබාදීමට සූදානම් බවද දිසානායක මහතා පවසයි.

මීට අමතරව වතුකරයේ දෙමළ පක්ෂ නායකයන් හා උතුරු, නැඟෙනහිර මුස්ලිම් පක්ෂ නායකයන් සමඟද නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.
« PREV
NEXT »