BREAKING NEWS
latest

728x90

468x60

Sunday, April 29, 2018

එජාප පසුපෙල කිපේ.. ප‍්‍රතිසංවිධානයට විරෝධය පා 20ක් ස්වාධීන වෙති

ඊයේ දිනයේ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමු වූ එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධානය කිසි ලෙසකින්වත් බලාපොරොත්තු වූ ආකාරයේ සතුටුදායක එකක් නොවූ නිසා ඊට විරෝධය දැක්වීමට එම පක්‍ෂ පසු පෙල මන්ත‍්‍රීවරුන් විශාල පිරිසක් තීරණය කර ඇත.

පක්‍ෂ නායකත්වය සදහා අනුප්‍රාප්තිකයෙකු පත් නොකිරීම හා ඉහල තනතුරු වෙනස් නොවීම නිසා මෙම මන්ත‍්‍රී පිරිස නොසතුටට පත්ව ඇතැයිද වාර්තා වෙයි.

නව තනතුරු සදහා පත් කල ආකාරය ගැන එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් සාකච්ඡා කර ඇත්තේ ඊට විරෝධය පා ක්‍රියාමාර්ග ගැනීමටද තීරණය කරමිනි.

මේ අනුව එජාප පසුපෙල මන්ත‍්‍රීවරුන් 20ක පමණ පිරිසක් පාර්ලිමේන්තුවේ ස්වාධණී වීමට සාකච්චා කෙරෙමින් ඇතැයිද වාර්තා වේ.

මෙම තත්වය නිසා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පසුපෙළ මන්ත්‍රීවරුන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.
« PREV
NEXT »