BREAKING NEWS
latest

728x90

468x60

Saturday, April 21, 2018

රන් පවුමක මිල රුපියල් 6000කින් ඉහළට

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන රන් සඳහා තීරු බදු පැනවීමට ගෙන ඇති තීරණයත් සමග මෙරට වෙලඳපොලේ රන් මිල ද ඉහල ගොස් තිබේ.

ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 6000කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

බදු වැඩිවීමත් සමග කැරට් 22 රන් පවුමක නව මිල රුපියල් 57,000 ඉක්මවන අතර එහි පැරණි මිල වුණේ රුපියල් 51,000කි.

එමෙන් ම නව තීරු බදු හේතුවෙන් කැරට් 24 රන් පවුමක් රුපියල් 7000කින් පමණ ඉහළ ගොස් තිබේ.

මේ වනවිට කැරට් 24 රන් පවුමක් රුපියල් 55,000කට පමණ අලෙවිවන අතර නව මිල වැඩිවීමට අනුව එම රන් පවුමක් අලෙවිවන්නේ රුපියල් 62,000ක මිලකට ය.

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන රන් සඳහා වටිනාකම මත 15%ක බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කරනු ලැබුවේ ඉකුත් 17 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට ය.
« PREV
NEXT »