Saturday, April 21, 2018
බොරු ෂෝ නිසා සයිටම් නළු සමීර ළඟදීම අත්අඩංගුවට
-
Saturday, April 21, 2018
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක ලෙස කටයුතු කළ සමීර සේනාරත්න ගමන් ගත් වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය මුළුමනින්ම ව්‍යාජ මවා පෑමක් බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
ශිෂ්‍ය සංගම් ඇතුළු සයිටම් විරෝධී පාර්ශවය වෙත චෝදනා එල්ල කර ඔවුන්ව සමාජය හමුවේ අපකීර්තියට පත්කරලීම සඳහා සමීර විසින් මෙම නින්දා සහගත කටයුත්ත සැලසුම් කර ඇති බවත් ඊට රිමාන්ඩ් කර සිටින නාගරික මන්ත්‍රීවරයාද දායක කරගෙන ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.
අදාළ සිදුවීමේදී වාහනයට වෙඩි වැදුණු ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායම්වලට පළමුව මේ සම්බන්ධව සැක මතුවූ බව සඳහන් කරන පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ දුරකතන විශ්ලේෂණ වාර්තා ඇතුළු අනෙකුත් සාක්කි අනුව මෙය සැලසුම් සහගත රංගනයක් බවට මේ වන විට මුළුමනින්ම තහවුරුව ඇති බවය.
ඒ අනුව මෙම රංගනය සැලසුම් කිරීම සම්බන්ධයෙන් සේනාරත්න මහතා නුදුරේදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිස් ආරංචිමාර්ග සඳහන් කර සිටියි.
