BREAKING NEWS
latest

728x90

468x60

Monday, April 23, 2018

කිරිපිටි 75කින් ගෑස් 245කින් වැඩි වෙයි? - හේතුව රවීගේ IMF ගිවිසුමක්?

කිරිපිටි කිලෝවක මිල රුපියල් 75කින් සහ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245 පමණ ඉදිරි දින කීපයේදී වැඩිවීමට ඉඩ තිබෙන බව රජයේ ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.

දැනට ලන්ඩන් නුවර සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට ළඟාවීමෙන් පසුව කිරිපිටි සහ ගෑස් මිල ඉහළයාම පිළිබඳ තිරණය ගන්නා බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

ලෝක වෙළෙඳපොළේ කිරිපිටි සහ ගෑස් මිල වැඩිවී තිබීම හේතුවෙන් මෙරට කිරිපිටි සහ ගෑස් සමාගම් මිල වැඩිකිරීම සඳහා ජීවන වියදම් පිළිබඳ කමිටුවෙන් සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා තිබුණි.

ඒ අනුව කිරිපිටි කිලෝවක මිල රුපියල් 100 කින් හා ගෘහස්ථ ගෑස් සිල්න්ඩරයක මිල රුපියල් 275කින් වැඩි කිරීමට අවසර ඉල්ලා තිබූ බව පාරිභෝගික අධිකාරිය පවසයි.

දැනට කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1431ක් (කොළඹ මිල) වන අතර කිරිපිටි කිලෝවක මිල රුපියල් 810කි.

IMF ගිවිසුමක්?

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන ඇති ගිවිසුම් නිසා මැයි මස පළමු වැනිදා වන විට ඛනිජ තෙල් සඳහා මිල සූත්‍රයක්‌ හඳුන්වාදීමට සිදුවන බවත් ඒ අනුව ඛනිජ තෙල් සහ ගෑස්‌ මිල ඉහළ යා හැකි බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පැවැසීය.

හෙතෙම මේ බැව් පැවසුවේ ඊයේ (22 වැනිදා) කොළඹ දී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවේදීය. 

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ බන්ධුල ගුණවර්ධන මහතා මෙසේද කීවේය.

හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් තුන් අවුරුදු ගිවිසුම අනුව ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලෙහි තව වාරිකයක්‌ ජුනි මස ලැබීමට නියමිතයි.

එම ණය වාරිකය ලබාගැනීමට පෙර ඊට අදාළ එකඟතා ඉටුකරන්න ආණ්‌ඩුවට සිදුවෙනවා.

ඒ අනුව ඛනිජ තෙල් සඳහා මිල සූත්‍රයක්‌ හඳුන්වාදීම, අලුතින් බදු පනත් ඇතිකිරීම වැනි කොන්දේසි ඉටුකළ යුතුයි.

මේ පිළිබඳව මැයි මස 07 වැනිදා පැවැත්වෙන කම්කරු දිනයේදී ජනතාව දැනුවත් කරනවා. එසේම එය ජනතාවගේ උද්ඝෝෂණයක්‌ බවට පත්කිරීමටත් බලාපොරොත්තු වෙනවා.
« PREV
NEXT »