BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, April 11, 2018

මලික් සමරවික්‍රම යලිත් එජාපය දෙකඩ කිරීමට සැරසෙයි ?- හරීන් ප‍්‍රනාන්දු මහතාට විදේශ රැකියා ඇමති ධුරයෙන් ඉවත් වන්නැයි කියල?

ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතාට විදේශ රැුකියා ඇමති ධුරයෙන් ඉවත් වන්නැයි ඇමති මලික් සමරවික‍්‍රම මහතා විසින් දන්වා ඇති එජාපයට සමීප වෙබ් අඩවි වාර්තා කරයි.


තලතා අතුකෝරාල මහත්මියට නැවත වතාවක් විදේශ රැකියා ඇමති ධුරය ලබා දීමට අවශ්‍ය යයි සදහන් කරමින් මෙම ඉල්ලීම කර ඇති බවද සදහන්ය.

කෙසේ වෙතත් මෙම ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කරමින් තමනට බලපෑම් කලහොත් ඇමති ධුරයෙන් පමණක් නොව පක්‍ෂයෙන් ඉල්ලා අස්වන බව හරීන් ප්‍රනාන්දු මහතා දන්වා ඇති බවද වාර්තාවේ දැක්වෙයි.

මේ තත්වය මත එජාප සභාපති ධුරය තලතා අතුකෝරාළ මහත්මියට ලබා දීමට යෝජනා වී ඇතත් ඇය ඊට එකගතාවය පල කර නැති බවද එහි දැක්වෙයි.

මේ අතර වාර්තා වූයේ ඉදිරි කැබිනට් මණ්ඩල සංශෝධනයේදී විජේදාස රාජපක්‍ෂ මහතාට නැවත වතාවක් අධිකරණ ඇමති ධුරය ලැබෙනු ඇති බවයි.
« PREV
NEXT »