BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, April 25, 2018

එජාප මාධ්‍ය මෙහෙයුම හරීන්ට?

එක්සත් ජාතික පක්ෂයේ සියලුම මාධ්‍ය මෙහෙයුම් කටයුතු, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පිහිටුවීමට නියමිත මාධ්‍ය සහ සන්නිවේදන අංශය වෙත පැවරීමට එම පක්ෂය තීරණය කර තිබෙන බව දැන ගන්නට තිබේ.

ඒ අනුව මාධ්‍ය හා සන්නිවේදන අංශයේ ලේකම් ධුරයට විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත් කිරීමටද එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙන බව එම පක්ෂයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙතෙක් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය හා සන්නිවේදන කටයුතු සිදු කරන ලද්දේ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (මාධ්‍ය) සමන් අතාවුදහෙට්ටි මහතාගේ අධීක්ෂණය යටතේය. පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ සමන් අතාවුදහෙට්ටි මහතාගේ අධීක්ෂණයෙන් මාධ්‍ය ඉවත් කර ඉදිරියේදී ඒ මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු වැඩ කටයුතුවලට අදාළ රාජකාරි පමණක් බාර දී පාර්ලිමේන්තුවේ ස්ථානගත කිරීමටද සැලසුම් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය මෙම පියවර ගැනීමට සැලසුම් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටු මගින් කර ඇති නිර්දේශ සහ සමන් අතාවුදහෙට්ටි මහතා මාධ්‍ය මෙහෙය වන ආකාරය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලු සැලකිල්ලට ගැනීමෙන් බවද දැනගන්නට තිබේ.
« PREV
NEXT »