BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, April 25, 2018

පොලිස්පති පොලිස් කොමිසමට වඩා ලොකුද? ‍| Police

පසුගිය මාර්තු අගදී ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස් කිරීමට පොලිස් කොමිසම විසින් පොලිස්පතිවරයාට නිර්දේශ කර තිබිණි. 

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී පෙරේරා, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඊ. ජයසූරිය, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා සහ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අනුර අබේවික්‍රම යන අය නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කරන මෙන් පොලිස් කොමිසම නිර්දේශ කර තිබුණ ද පොලිස්පතිවරයා එම නිදේශය ක්‍රියාත්මක කරන්නේ නැත.

පොලීසියේ සියලු උසස්වීම්, මාරුවීම් සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ පොලිස් කොමිසම විසිනි. එහෙත් ඉහත කී ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ උසස්වීම් සම්බන්ධයෙන් විවිධ හේතු දක්වමින් පොලිස්පතිවරයා එය ක්‍රියාත්මක කිරීම මඟ හරිමින් සිටී.

ඔහු තැන් තැන්වල පවසන්නේ පාලිත සිරිවර්ධන යනු රාජපක්ෂලාගේ අතවැසියකු බවත් ගාමිණී පෙරේරා යනු යාපනයට මාරුවීමක් ලබා දුන් විට අභියාචනයක් ඉදිරිපත් කර මාරුව වළක්වාගත් පුද්ගලයකු බවත් ය.

මේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස් දෙනාම තව මාස කිහිපයකින් විශ්‍රාම යාමට නියමිතව සිටින අයයි. පොලිස්පතිවරයා කරන්නේ ඔවුන්ට ලැබිය යුතු වරප්‍රසාදයක් හිතා මතා ම අවහිර කිරීමය.

මේ අතර ඊයේ (23) ද පොලිස් කොමිසම රැස්වී තිබේ. ඊයේ ද මෙම උසස්වීම් සම්බන්ධයෙන් පොලිස් කොමිසමේ සාකච්ඡාවට ගෙන ඇත. පොලිස් කොමිසම විසින් නියෝග කර මාසයක් ගත වී ඇතත් පොලිස්පතිවරයා මෙම උසස්වීම් හිතා මතා අවහිර කරමින් සිටීම පිළිබඳව එහිදී කතාවට ලක්වී තිබේ.

මේ අනුව දැන් උද්ගතව ඇත්තේ පොලිස් කොමිසමෙන් ඵලක් නොමැති තත්වයකි. පොලිස්පතිවරයා ක්‍රියා කරන්නේ පොලිස් කොමිසමේ නිර්දේශ අනුව නොව තමන්ගේ හිතූ මතයට අනුවය. පොලිස්පතිවරයා පොලිස් කොමිසම තබාගෙන සිටින්නේ ඔහුගේ තීරණවලට මුද්‍රාවක් වශයෙන් පමණි. පොලිස්පතිවරයා හිතා මතා ම පොලිස් කොමිසම අතිශයින් හෑල්ලුවට ලක් කර තිබේ.

එහෙත් පොලිස්පතිවරයාගේ මේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බලධාරීන් කිසිවකුත් කිසිදු තීන්දුවක් ගන්නා ආකාරයක් ද පෙනෙන්නට නැත.
« PREV
NEXT »