Wednesday, April 18, 2018
Home
Gossip Lanka News
ඕලන්ද ජාතිකයන්ට පහර දීමේ සිද්ධියට සම්බන්ධ මිරිස්ස අවන්හල වසා දමන්නැයි සංචාරක අධිකාරියෙන් නියෝග
ඕලන්ද ජාතිකයන්ට පහර දීමේ සිද්ධියට සම්බන්ධ මිරිස්ස අවන්හල වසා දමන්නැයි සංචාරක අධිකාරියෙන් නියෝග
-
Wednesday, April 18, 2018
මිරිස්ස ප්‍රදේශයේ ඕලන්ද ජාතික සංචාරකයන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සර්ෆ් බා අවන්හල වසා දමන ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඊයේ සවස නියෝග කළේය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පූර්ණ පරීක්ෂණය අවසන් වෙන තුරු මෙම තහනම ක්‍රියාත්මක වනු ඇති බව සංචාරක අධිකාරියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මේ පිළිබඳ කෙරුනු මූලික පරීක්ෂණවලින් හෙළිදරව් වුණේ අදාළ අවන්හල සංචාරක සංවර්ධන අධිකාරොයේ බලප්‍රත්‍ර රහිතව ක්‍රියාත්මක වුණු ව්‍යාපාරික ස්ථානයක් බවයි. සංචාරක පනතට අනුව සංචාරකයන්ට සේවා සපයන ඕනෑම ව්‍යාපාරික ස්ථානයක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කර තිබීම අනිවාර්ය කරුණකි.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට 6 දෙනෙක් රිමාන්ඩ් භාරයට පත් කොට තිබෙන අතර එම සිද්ධියට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීනට අසමත් වීම හේතුවෙන් ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති වරයා ද මාරු කොට යවා තිබේ.
එසේ ම මෙම සිද්ධියට මුහුණ දුන් විදේශිකයන්ට ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ලංකාවට පැමිණීමට පූර්ණ අනුග්‍රහය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙන් ලබා දී ඇති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
