BREAKING NEWS
latest

728x90

468x60

Sunday, April 08, 2018

තලතා අතුකෝරළ එජාපයේ පලමු සභාපතිනිය වෙයි

එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිනිය ලෙස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පත් කිරීමට අද රැස්වුණු ප්‍රතිසංධාන කමිටුවේ වැඩි අවධානය යොමුවී තිබේ.



මීට පෙර ඇයට පක්ෂයේ මහ ලේකම් තනතුර ලබාදීමට යෝජනාවී තිබු අතර පසුව එය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ලබා දීමට තීරණය කෙරිණි.දැනට වැඩ බලන මහ ලේකම්වරයා ලෙස පත්කර ඇත්තේද ඔහුය.කෙසේ වෙතත්  වාර්තා වන ආකාරයට අතුකෝරළ ඇමතිවරියද සභාපති තනතුරුට වඩා වැඩි කැමැත්තෙන් සිටින්නේ මහ ලේකම් තනතුරටය.

ගාමිණී අතුකෝරළ මහතාද කලක් පක්ෂයේ මහලේකම් තනතුරු හෙබවීය.ඉදිරි දින කිහිපය තුල පක්ෂයේ නව තනතුරු ලබාදීමට නියමිතය.
« PREV
NEXT »