BREAKING NEWS
latest

728x90

468x60

Thursday, April 19, 2018

තරගපාවාදී ඩොලර් ලක්ෂගණනින් සෙවූ අමනයා කවුද? - රංජන් හෙලිකරන්න සූදානම් | Ranjan Ramanayake

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබදව පසුගිය දිනවල අතිශය කතාබහට ලක්වුණා. මෙහිදි ඇතමෙක් ප්‍රසිද්ධියේම ක්‍රිකට් පරිපාලනය විවේචනය කිරීමටද වූවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පිළිබද මෙම සංවාදය ඉදිරියට ගෙන එමින් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සිදු කළ ප්‍රකාශයක් කතාබහට ලක්ව තිබෙනවා.

මෙහිදි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක ප්‍රකාශ කර තිබුනේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සිදුව ඇති දූෂණ අක්‍රමිකතා සියල්ල පිළිබඳව සියලු ලිපි ලේඛන තමන් සතුව ඇති නිසා ඉදිරියේදී ඒ පිළිබඳව රටට හෙළිදරව් කරන බවටයි.

ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය හරහා සිදුව ඇති දූෂණ ක්‍රියා බැඳුම්කර සිද්ධියට එහා යන්නක්‌ බවත්, ඩොලර් ලක්‍ෂ ගණනින් ගසා කා ඇති බවත් තරග විකිණීම, තරග පාවාදීම, ක්‍රිකට්‌ තරග රූපවාහිනි වෙත විකිණීම යන කරුණු ඒ අතර ප්‍රධාන බවත් නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කර තිබුනා.

මේ පිළිබඳව අපරාධ පරීක්‍ෂණ සිදු කරන රටේ සෑම ස්‌ථානයකටම දැනුම් දෙන බවත්, පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කරන මෙම වාර්තාවන් වෙනුවෙන් කොන්ද පණ ඇති සුපිරි ක්‍රිකට්‌ ක්‍රීඩකයන්, නිලධාරීන් තමාට සහාය ලබා දීමට සූදානමින් පසුවන බවත් ඔහු පවසා තිබුනා.

විමර්ශනවලට හානි සිදුවන නිසා ඔවුන් පිළිබඳව තොරතුරු මේ මොහොතේ හෙළිදරව් නොකරන බවත් දූෂණ චෝදනා ලැබූවන් අද සුවිශාල වරප්‍රසාද ලබමින් මුනිවරයන් සේ කල් ගෙවන බව තමන් දන්නා බව ද ඒ අතර හිටපු ක්‍රීඩා ඇමැතිවරු කීපදෙනෙකු ද සිටින බව රන්ජන් රාමනායක මහතා මාධ්‍යය ඉදිරියේ පවසා සිටියා.

ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ දූෂණ චෝදනා හෙළිදරව් කරමින් ක්‍රිකට්‌වලට ආදරය කරන අහිංසක ජනතාවට සාධාරණය ඉටු කර දීම තමාගේ අභිලාශය බව ද නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

දේශපාලකයන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරනවා – මුරලි

මේ අතර ඊයේ දේශපාලකයන් විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන බවත්, අවුරුද්දක් තුළ ක්‍රීඩකයන් 60ක් අත්හදා බැලීම අතාර්කික බවත් ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරයි.

ඉන්දියාවේ ‘ද ඉකොනොමික්ස් ටයිම්ස්’ පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පසුගියදා (17දා) පවසා තිබේ.

එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා ඇත.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට අවුල් ජාලාවක තිබෙන්නේ. දේශපාලකයන් ක්‍රීඩාව පාලනය කිරීමට පටන් අරගෙන තිබෙන්නේ. ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව අවම දැනුමක් සහිතව හෝ දැනුමක් නොමැති මේ අය ගතවන සෑම දිනයකම එය විනාශ කරමින් තිබෙනවා. ක්‍රිකට් කියන්නේ විශ්වාසයයි. ක්‍රීඩකයන්ට දක්ෂතා දැක්වීමට විශ්වාසයක් ගොඩ නැගිය යුතුයි.

ශ්‍රී ලංකා වර්ණ ඇඳුම අඳින විට ඔවුන්ට ගෞරවයක් ඇති විය යුතුයි. මම දිනකින් හොඳ පන්දු යවන්නෙක් වුණේ නෑ. අවුරුදු 4-5ක් අර්ජුන මට විශ්වාසය දුන්නා. දැන් පිතිකරුවන් පන්දුවට පහරදීමට යන විට කියන්නේ ඔබ ලකුණු රැස්කළ යුතුයි නැති නම් අපි ඔබව බංකුවේ තබනවා කියලා. පන්දු යවන්නන්ටත් මේ දේමයි.

හැම අංශයකින්ම ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් 60ක් පමණ අත්හදා බලා තිබෙනවා. අවුරුද්දකට ක්‍රීඩකයන් 60? මෙය අතාර්කිකයි. මෙයින් පේනවා දැක්මක් නැතිකම. සෑම අවස්ථාවකම සිදුකරන වෙනස්වීම්වලින් අනාගතයේදී ක්‍රීඩාව වෙනස් වෙනවා.”
« PREV
NEXT »