BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, April 25, 2018

සුදු වෑන් සම්බන්ධයෙන් හිටපු STF සෙබෙලෙක්ගෙන් හෙළිදරව්වක්

කොළඹ සුදු වෑන් පැහැර ගැනීම් සිදුකළ කණ්ඩායමක කටයුත කල පොලිස් විශේෂ කාර්ය සාධක බලකා භටයෙක් එම සිදුවීම් සම්බන්ධව ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) වෙත තොරතුරු ලබා දී තිබේ.

පැහැර ගැනීම් වලට හවුල්ව තවමත් මානසික කම්පාවට ගොදුරු වී සිටින බව ITJP පවසන එක සිංහල පුද්ගලයෙක් එම සිදුවීම් හඳුන්වා දී ඇත්තේ “ත්‍රාසජනක චිත්‍රපටියක්” ලෙසටය.

පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ සේවය කළ සිංහල නිලධාරීන් සහ ඔවුන් සමග කටයුතු කළ දෙමළ අතුරු හමුදා කල්ලි සාමාජිකයන් ගේ ප්‍රකාශ මත මූලික වශයෙන් පදනම් වෙමින් “ශ්‍රී ලංකාවේ විශේෂ කාර්ය සාධක බලකාය” නමින් වාර්තාවක් සකස් කරන ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) මෙම කරුණු හෙළි කර ඇත.

පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය විසින් සිදු කරන ලද බවට චෝදනා කෙරෙන සුදුවෑන් පැහැර ගැනීම්, නඩු නැති ඝාතන සහ ලිංගික ප්‍රචණ්ඩතා ඇතුළු සාපරාධී ක්‍රියා ගැන හෙළි කර ඇති එම වාර්තාවට සාක්ෂි ලබා දුන් හිටපු නිලධාරීන් කියා සිටි චූදිතයන්ගේ නම් ලැයිස්තුවක් එක්සත් ජාතීන්ට භාර දීමට පියවර ගෙන ඇති බව ද එම සංවිධානය නිවේදනය කරයි.

යැස්මින් සූකා

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි වල යෙදීම තහනම් කළ යුතු ශ්‍රී ලංකාවේ පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ (STF) පනස් දෙනකුට වැඩි පිරිසකගේ රහස්‍ය නාම ලේඛනයක් ඔවුන් සතුව තිබෙන බව වාර්තාව එළි දක්වමින් යැස්මින් සූකා ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) කියා සිටි.

තමන්ට ගොදුරුවූ වින්දිතයන් සියලු දෙනා අවස‍ානයේ මරා දමන ලද බවයි සාක්ෂිකරුවන් විසින් හෙළි කර ඇත්තේ.

“අපි උන්ගේ උගුරු දණ්ඩ කැපුවා, බෙල්ල මිරිකුවා, පිහියෙන් ඇන්නා නැතිනම් මැරෙන කල් ගැහුවා,” යි එක් සෙබලෙකු ITJP වෙත කියා තිබේ.

වෙනත් ආරක්ෂක හමුදා කණ්ඩායම් තවමත් සිදුකරන පැහැරගැනීම්, වධබන්ධන සහ ලිංගික හිංසන ගැන ලේඛනගත කොට ඇතත්, STF පැහැරගැනීම් කල්ලි වර්තමාන රජය යටතේ මේ වනවිට ක්‍රියාත්මක වන බවක් දැනගන්නට නැතැයි ITJP වැඩි දුරටත් කියා සිටි.
« PREV
NEXT »