BREAKING NEWS
latest

728x90

468x60

Friday, May 04, 2018

කෝටි 2 ක්‌ අල්ලස්‌ ගනිද්දී ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානි සහ දැව සංස්‌ථාවේ සභාපති අල්ලස්‌ දැලේ

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එස්. මහානාම හා දැව සංස්ථාවේ සභාපති පියදාස දිසානයක යන දෙදෙනා අල්ලස් ගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙරට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ආයෝජනයට පැමිණි විදේශිකයෙකුගෙන් රුපියල් කෝටි 10ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඉන් කොටසක් ගත් බවට සැක පිට මොවුන් අත්අඩංගුවට පත්ව ඇති බව පැවසේ.

මේ වන විට වාර්තා වී ඇති අන්දමට ඉහත සැකකරුවන් දෙදෙනා මෙම විදේශිකයාගෙන් මුලින්ම ඉල්ලා ඇත්තේ කෝටි 58ක මුදලකි. කෙසේනමුත්, පසුව ඔවුන් එම මුදල කෝටි 10ක් දක්වා අඩුකර තිබේ.

මෙම මුදලෙන් කෝටි 03ක කොටසක් ලබාගැනීමට යාමේදී ඔවුන් දෙදෙනා ඊයේ (03) කොළඹ ගලධාරී හෝටලේ රථගාලේ දී අත්අඩංගුවට පත්ව තිබේ.

තරාතිරම නොබලා පියවර ගන්න - ජනපති

මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයෙන් අප කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු පවසා සිටියේ ජනපතිවරයා හට අල්ලස් කොමිසම විසින් සතිපතා ප්‍රගති සමාලෝචනයක් ලබාදෙන බවත්, ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ද අල්ලස් ගැනීම සම්බන්ධයෙන් මෙම සමාලෝචනයේ සඳහන් ව තිබුණු බවත් ය.

ඊට ප්‍රතිචාර දක්වමින්, අල්ලස් ලබාගන්නා කිසිවෙකු සිටියි නම් තරාතිරම නොබලා නිසි පියවර ගන්නා මෙන් ජනපතිවරයා නියෝග කළ බවත්, මෙම අත්අඩංගුවට ගැනීම ඒ අනුව සිදුවූ බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

වනජීවී නිලධාරියකුත් සම්බන්ධයි

වාර්තාවන පරිදි කන්තලේ සීනි කර්මාන්ත ශාලාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට අදාළව මෙම අල්ලස ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී නිලධාරියකු ද සම්බන්ධ වී ඇති බවද මේ අතර වාර්තා වේ.

දිසානායක මහතා හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස ද කටයුතු කළ අයෙක් බව පැවසේ.

දිසානායක මහතාගේ පුතු ශෂිමල් දිසානායක විවාහවී සිටින්නේ නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතාගේ දියණිය සමඟ බවද පැවසේ.
« PREV
NEXT »