Friday, May 04, 2018
Home
Gossip Lanka News
රටේ දේශපාලන අස්ථාවරබවක් නැහැ - තියෙන්නේ දේශපාලන කුමන්ත්‍රණයක් ඇමැති අර්ජුන පවසයි
රටේ දේශපාලන අස්ථාවරබවක් නැහැ - තියෙන්නේ දේශපාලන කුමන්ත්‍රණයක් ඇමැති අර්ජුන පවසයි
-
Friday, May 04, 2018
රටතුළ කිසිඳු ආකාරයක දේශපාලන අස්ථාවරත්වයක් නොමැති බවත් ඡන්ද පදනමක් නොමැති නන්නත්තාර වූ දේශපාලනඥයින් ආණ්ඩුව අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයක නිරත වන බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එම දේශපාලනඥයින් ආණ්ඩුව වැට්ටවීමට සැලසුම් සහගතව ක්‍රියා කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.
“අපේ රටේ දේශපාලන අස්ථාවරත්වයක් කියලා එකක් නෑ. නමුත් පසුගිය කාලේ දේශපාලන පිටියේ නොසිදුවිය යුතු දේවල් රැසක් සිදු වුණා. දේශපාලන බලලොභී පුද්ගලයෝ එයට මුල් වුණා. ඡන්ද පදනමක් නැති, ඡන්දයකින් දිනන්න බැරි, සල්ලි වලින් දිනන්න පුලුවන් කියන පුද්ගලයෝ ටිකක් මේ ආණ්ඩුව වට්ටන්න හැදුවා. සමහර බුකි කාරයෝ, රේස් කාරයෝ , සූදු කාරයෝ එකතු වෙලා මේ කළ විනාශයෙන් රටේම ආයෝජනය නැවතුණා. පාර්ලිමේන්තුවට පත් වෙලා තානාන්තර අරගෙන ඒවා විනාශ කරන දේශපාලනඥයෝ රට ගැන හිතන්නේ නෑ. රට ගැන හිතනව නම් මේ වගේ දෙවල් සිදු නොවිය යුතුයි.
පසුගිය කැබිනට් සංශෝධනය සිදු වුණේ ජනාධිපතිතුමයි, අගමැතිතුමයි සාකච්චා කිරීමෙන්. අපට ඉදිරියට තව මාස 18ක් ඉතිරිව තියෙනවා. ඉදිරි මාස 18දී පහුගිය කාලේ අපේ අතින් අතපසු වුණු දේවල් හදාගෙන ඉදිරියට යාම තමයි මහජනතාව බලාපොරොත්තු වෙන්නේ. මේ රටේ මහජනතාව 2015 දී වරමක් දුන්නේ අතිගරු ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි එකට ආණ්ඩුවක් හදාගෙන ඉදිරියට ගෙනියන්න කියලා. එහෙම නැත්නම් මහජනතාවට තිබුණා ශ්‍රී.ල.නි.ප ආණ්ඩුවක් හදන්න හරි, එ.ජා.ප ආණ්ඩුවක් හදන්න හරි. එහෙම නැතුව බලය දුන්නේ දෙගොල්ලන්ටම දේශපාලනය පැත්තකින් තියල රට හදන්න. ඉතින් ඒ ක්‍රමවේදය පහුගිය කාලේ කරගෙන ගියා. ඉදිරියේදී ඊටත් වැඩියෙන් පිරිසිදු දේශපාලනයක් කිරීමේ අවශ්‍යතාවය ඇති වෙලා තියෙනවා. ඒක තමයි අලුත් කැබිනට් සංශෝධනයෙන් පසුව අපි සියලු දෙනාගේම වගකීම වෙන්නේ....” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. එතුමා මේ බව පැවසූවේ ඊයේ (03) දෙමටගොඩදී ආගමික උත්සවයකට එක්වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. හඩපටය අමුණා ඇත.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...