BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, May 08, 2018

2020 දී විශ්‍රාම යන්‍නෙ නෑ - 2020 ජනාධිපතිවරණයට එන හැටි ජනාධිපති මෛත්‍රී කිව්ව හැටි මෙන්න

සමහරු මගෙන් අහනවා 2020 දී විශ්‍රාම යනවාද කියලා . සමාජ වෙබ් අඩවි වලත් ඒක යනවා. ඒත් මට 2020 විශ්‍රාම යන්න කලින් කරන්න වැඩ බොහෝමයක් තියෙනවා. යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය


මඩකලපුව චෙන්කලඩි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රීලංකා නිදහස් පක්ෂ මැයි රැලිය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය.
වැඩිදුරත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.

අවංක දේශපාලනඥයෝ ලංකාවේ කීයක් ඉන්නවද? හොරකම් කරපු නැති කී දෙනෙක් ඉන්නවද? සමහරු 2020 දී බලයට එන්න හීන දකිනවා. ඒත් නිසි වැඩපිළිවෙලක් නැහැ.

මේ අය රටේ දුප්පත් ජනතාවගේ හැගීම් තේරුම් ගන්න ඕනි. දේශපාලන නාඩි වැටෙන හැටි තේරුම් ගන්න ඕනි .සුරංගනා ලෝක ගැන ගොඩක් දෙනාට කතා කරන්න, හීන දකින්න පුළුවන්. දුප්පත් ජනතාව ගැන ඒ අයට කැක්කුමක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී ජාතික සමගිය සංහිදියාව ඇති පැහැදිලි වැඩපිළිවෙලක් ඇතිව ඉදිරියට එනවා. ඒ අලුත් වැඩපිළිවෙළට සහය දෙන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.‘

එමෙන්ම මෙහිදී ජනාධිපතිවරයාගේ කථාව තුළ ගැබ්ව තිබූ එක් වැදගත් මාතෘකාවක් වූයේ බෞද්ධ සමාජයේ භික්ෂු සමාජය පෙරටු කොටගත් විනයානුකූල සමාජයක් ගොඩ නැංවීම පිළිබඳවයි..
2020 දි විශ්‍රාම නොන්නා බවත් රටට සිදුකිරිමට තවත් විශාල වැඩකොටසක් ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කලා. හොරුන් සහ මිනිමරුවන් නොමැති අලුත් දේශපාලන වැඩපිළිවෙක අවශ්‍යතාව අවධාරනය කල ඔහු දේශපාලන හොරු තක්කඩීන් සහ වංචාකරයින් රටට අවශ්‍ය නොමැති බව පෙන්වා දුන්නා.

මිනිසුන්ට ආදරය කරන දේශපාලනඥයින් රටට අවශ්‍ය වන අතර උරුමන් රැක ගන්නා දේශපාලනඥයින් බිහිකර ගන යුතු යැයි ඔහු කියා සිටියා.

පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවල ඔස්සේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජනතාවාදි පක්ෂයක් ලෙස ඉදිරියට ගෙන යන බවත් සඳහන් කල. තම පක්ෂය මධ්‍යගත ප්‍රජතන්ත්‍රවාදය ඔස්සේ ගොඩනගමින් ශක්තිමත් කරන බවත් කියා සිටියා. වැඩකරණ ජනතාවට ඒ සඳහා එක්වන ලෙස තමා ආයාචනා කරන බවයි ජනාධිපති සඳහන් කලේ.

යුද්ද අවසන්වි දස වසරක් ගතවි ඇතත් පස්චාත් යුද සමයේදී ඉටුකලයුතු වගකිම් රැසක් ඉතිරිව තිබෙනවා. ඉන් වගකීම් බහුතරයක් තම විසින් ඉටුකර තිබෙන බව ඔහු කියා සිටියා. ජාතික සහාජීවනය ඇති කර, රට ඉදිරියට ගෙන යන විට ඇතැම් පුද්ගලයින් ඒ දෙස උපහාසයෙන් සහ අපහාසයෙන් බලන බව ජනාධිපතිවරයා කියා සිටියා. උතුරු නැගෙනහිර තුවක්කු අතට ගන්නා යුගය අවසන් කළ යුතු බව කියා සිටියා.







« PREV
NEXT »