BREAKING NEWS
latest

728x90

468x60

Monday, May 07, 2018

වෙල්ගම සහ ප්‍රසන්න රාජපක්ෂ නිවසේදී ගැටෙති



පසුගියදා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් හිටපු ජනපති නිල නිවෙසේ රැස්වී විශ්වාසභංගයේ පරාජය ඇතුළු කරුණු කිහිපයක් සමාලෝචනය කර තිබේ. මෙහිදී අදහස් දැක්වූ කුමාර වෙල්ගම විශ්වාසභංගය පරාජය වූ නමුත් පැති ගණනාවකින් ජයග්‍රහණ අත්කරදීමට විශ්වාසභංගය සමත්වූ බවට කරුණු දක්වා ඇත.

විශ්වාසභංගය පැරදුණා තමයි. නමුත් ශ්‍රී ලනිපය නැවතත් කඩන්න එය සමත් වුණා 16 දෙනාගේ කණ්ඩායම 8 වැනිදා විපක්ෂයේ වාඩි වෙන්නේ විශ්වාසභංගයේ ප්‍රතිඵල හැටියට. අනෙක් පැත්තෙන් එය යූඑන්පී එකේ ඔඩුදුවන අර්බුදය මුවහත් වුණෙත් විශ්වාසභංගය නිසා වෙල්ගම කීය.


වෙල්ගමගේ අදහස් දැක්වීම අවසන් වෙන්නත් කලින් ප්‍රසන්න රණතුංග ඉදිරියට පැන්නා.

“මගේ අදහස අපි විශ්වාසභංගයක් ගෙනාපු එක වරදක්. එයින් අපිට ප්‍රතිලාභයක් අත්වුණේ නැහැ. අවසානෙ ඒකේ වාසිය ගියේ එජාපයට.” ප්‍රසන්න කීය.
“මෙතැනදි රනිල් ආරක්ෂා කරන විදියට කතා කරන්න එපා” වාසු කෑගැසුවේය.

“ඔව් රනිල්ගෙ පැත්තේ හිට ගන්න එපා. විශ්වාසභංගය නිසා ලැබුණු අතුරු ප්‍රතිඵල ගොඩක් තියෙනවා ශ්‍රී ලනිපය තුළ නොහිතපු අර්බුදයක් මතු වුණා. ඒ වගේම එජාපයත් අර්බුදයට ගියා මහින්ද පැවැසීය.

පොදුජන පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ ආදී පක්‍ෂ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විරෝධය පළකරමින් ඒකාබද්ධ විපක්ෂ නායක රැස්වීමේදී දීර්ඝ ලෙස අදහස් දැක්වීය. බැසිල් මෙන්ම සරත් වීරසේකරද විධායක ජනපති ක්‍රමය තවදුරටත් පැවැතිය යුතුය යන මතයේ කරුණු දැක්වීය.
« PREV
NEXT »