BREAKING NEWS
latest

728x90

468x60

Saturday, May 19, 2018

මැලේසියාවේ හිටපු අගමැති ළඟ ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 28ක් තිබිල

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට අයත් පෞද්ගලික නිවසක තිබී සොයාගන්නා ලද මුදල් අතර ‘ශ්‍රී ලංකා මුදල්’ රුපියල් මිලියන 2.87ක් (රුපියල් ලක්ෂ 28.7ක්) ද වන බව එරට ‘ස්ට්‍රේට්ටයිම්ස්’ පුවත් වෙබ් අඩවිය අද (17) වාර්තා කළේය.

දූෂණ චෝදනා ලැබ සිටින මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයාට අයත් නිවසක් සහ ඔහුට සම්බන්ධ තවත් ස්ථාන හයක් ඊයේ (17) සහ පෙරේදා (16) දිනවලදී පරීක්ෂාවට ලක්වූ අතර අද (18) ‘තමන් දූතා’ සුඛෝපභෝගී මන්දිරියේ හිටපු අගමැතිවරයාට අයත් නිවාස සංකර්ණයක් පොලිස් පරීක්ෂාවට ලක්විය.



එම මන්දිරයේ තිබී මිල අධික අති සුඛෝපභෝගී අත්බෑග් සහ ඔරලෝසූ බහාලූ පෙට්ටි 284ක් සහ මුදල් බහාලූ බෑග් 72ක් පොලිස් භාරයට පත්විය.
මැලේසියානු පොලිසියේ වාණිජ අපරාධ ඒකකය විසින් මෙම වැටලීම් කරනු ලැබ තිබෙන අතර මැලේසියාවේ මුදල් විශුද්ධිකරණයට එරෙහි පනත, ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහි සහ නීතිවිරෝධී ක්‍රියාවලට එරෙහි පනත යන පනත් යටතේ මෙම වැටලීම් සිදුකළ බව මැලේසියානු පොලිසිය සඳහන් කළේය.

හිටපු අගමැතිවරයා විසින්ම ආරම්භ කරනු ලැබු ‘1 මැලේසියා ඩිවලොප්මන්ට් බර්හාඩ්’ රාජ්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන ගණනක මුදලක් වංචා කළ බවට ඔහුටම චෝදනා එල්ල වී තිබේ. මේ සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් හයක පොලිස් පරීක්ෂණ පැවැත්වෙයි.

හිටපු අගමැතිවරයාගේ බිරිඳ එම අරමුදලේ මුදල්වලින් එක්සත් ජනපද ඩොලර් මිලියන 23ක් වටිනා රෝස පැහැති දියමන්තියක් මිලදී ගත් බවට ද චෝදනා එල්ල වී තිබේ.

මිල අධික අති සුඛෝපභෝගී අත්බෑග් සහ අනෙකුත් දෑ භාවිතය සම්බන්ධයෙන් හිටපු අගමැතිවරයාගේ බිරිඳ ප්‍රසිද්ධියක් ඉසිළු අතර පොලිස් භාරයට පත්වූ බොහෝ දෑ ඇයට අයත් බව ද පැවසේ.

විදෙස් වාර්තා ඇසුරිනි

« PREV
NEXT »