BREAKING NEWS
latest

728x90

468x60

Friday, May 18, 2018

මාතෘභූමිය උදෙසා ජීවිත පුද දුන් 57සේනාංකයේ භටපිරිස් සමරන්න උතුරේ වැසියනුත් එකතුවෙයි.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකා භූමිය මුළුමනින්ම නිදහස් කරගත් ජාතියේ ඒ සුවිශේෂි විජයග්‍රහණයට අද දිනට වසර 9 ක් සපිරෙනවා. එය සිහිපත් කරමින් යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ උපදෙස් මත යුද හමුදා මූලස්ථානය, දිවයින පුරා පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථාන, සේනාංක මූලස්ථාන, බලසේනාවන්, ඒකකයන්, පුහුණු පාසල්, රෙජිමේන්තු මධ්‍යස්ථාන හා රණවිරු සුබසාධන මධ්‍යස්ථානවල සැමරුම් පැවැත්වුනා.

1975 වසරේ ජූලි 27 වන දින ඇල්ෆ්රඩ් දොරේඅප්පා ඝාතනය කිරීමත් සමඟ ශ්‍රී ලංකාව පුරා ත්‍රස්තවාදී සෙවනැලි සැරිසැරීමට පටන්ගත් අතර දශක 03 කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාව දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ සැහැසිකම්වලින් පීඩාවින්දේය.

2006 ජූලි 21 වැනිදා ත්‍රිකුණාමලයට දකුණෙන් වූ මාවිල්ආරු සොරෙව්වේ දොරටු වසා දමමින් තිස් දහසකට අධික පිරිසකට ජලය අහිමි කිරීමට එල්.ටී.ටී.ඊ ය කටයුතු කිරීමත් සමග සිවිල් වැසියන් වෙනුවෙන් මාවිල්ආරු මුදාගැනීමේ මානුෂික මෙහෙයුම දියත් කිරීමට ආරක්ෂක හමුදාවන් පියවර ගත්තා.

නැගෙනහිර මුදාගැනීමෙන් නොනැවතුණු හමුදාවන් 2009 මැයි 18 වැනිදා සදුදා උතුරු පළාතේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සතුව පැවති අවසන් බිම් අගලත් ඔවුන්ගෙන් මුදාගත්තේ එල්.ටී.ටී.ඊ ප්‍රාණ ඇපයේ සිටි සාමාන්‍ය වැසියන්ටද සුරක්ෂිත හෙට දිනක් උරුම කර දෙමින්.

මේ අතර කිලිනොච්චියේ 57 වන සේනාංක මූලස්ථානය කන්දසාමි කෝවිලේදී තවත් විශාල සමරු උත්සවයක් පවත්වන ලද්දේ යුධ හමුදාවේ සැබෑ මානුෂීයත්වයට උතුරේ වැසියන්ගේ කෘත ගුණ දැක්වීම මනාවට පෙන්නුම් කරමින්ය.

57 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් අණදෙනු ලැබු 57 වන සේනාංකයේ භට පිරිස් සහ සිවිල් වැසියන් පහන් දැල්වීමෙන් මියගිය අය සිහිපත් කරවීම සඳහා මෙය සංවිධානය කර තිබූ අතර මේ සඳහා උතුරේ වැසියන්ගේ සහභාගීත්වය කැපී පෙනුනි.







« PREV
NEXT »