BREAKING NEWS
latest

728x90

468x60

Friday, May 18, 2018

අකිලගේ පළිගැනීම් නාටකය අස්සේ පත්වීම් මල්ලක්

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවායැයි කියන 1,058කගේ නම් ලැයිස්තුවකට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ තනතුරු ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතා ගැසූ ගැටයක තොරතුරු හෙළිව තිබේ.

එම ලයිස්තුවට අනුව අධ්‍යාපන පරිපාලන සේවයට 258 දෙනෙකු, විදුහල්පති හා ගුරු අධ්‍යාපනනඥ සේවයට 800 දෙනෙකු අනුමත කර එවන ලෙස කොමසමට දන්වා ඇති බව පැවසේ.
කෙසේවුවද, අධ්‍යාපන පරිපාලන සේවයට හා විදුහල්පති සේවයට බඳවාගනු ලබන්නේ කුසලතා පදනම මත හෝ විභාගයක් පවත්වා ඉන් තෝරාගෙනය.

කෙසේවුවද, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මීට පෙරද දේශපාලන පළිගැනීම්වලට ලක්වූවා යැයි කියමින් 4,200ක පිරිසකට පත්වීම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය උත්සාහ කළ බව ඔහුගෙන් කළ විමසීමකදී හෙළි කළේය.

එයට එරෙහිව තම සංගමය නඩුවක්ද පැවරූ බව ඔහු කියා සිටියේය.

එම නඩුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයට ව්‍යවස්ථාව උල්ලංඝනයකරමින් පත්වීම් ලබාදීම අත්හිටුවා ඇති බවද ඔහු හෙළිකළේය.

මූලාශ්‍රය - රාවය
« PREV
NEXT »