BREAKING NEWS
latest

728x90

468x60

Thursday, May 31, 2018

ජනවාරි 8 බලාපොරොත්තු බින්දේ කවු ද? ජනතා අභිලාෂයන්ට පයින් ගහලා මහ බැංකුව කඩන්න කිව්වේ සෝභිත හාමුදුරුවෝද? මෛත්‍රීගේ ඓතිහාසික හෙලිදරව්ව

සාධාරණ සමාජයක් උදෙසා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 76 වැනි ජන්ම දිනය සැමරුම උත්සවය ඊයේ (30) කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වුනා.


කෙසේ වෙතත් 2015 ජනවාරි 8 වනදා වෙනසට තම ජීවිතය පරදුවට තබමින් කටයුතු කල වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එම උත්සවයට ආරාධනා කොට තිබුනේ නැතත් එම උළෙලේ ආරාධනාපත්‍ර ලයිස්තුවේ ජනාධිපතිවරයාගේ නම තිබු බවද වාර්තා වනවා.

අනාරාධිතව උත්සවයට පැමිණි ජනාධිපතිවරයා වර්තමාන යහපාලන ආණ්ඩුව තුල සිදුවන ක්‍රියාකලාපයන් පිළිබඳව සුවිසේෂි ප්‍රකාශයක් කලේ දැඩි විවේචනාත්මක ස්වරයකින්…


මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ජනවාරි 8 තමන් මුලික වී සිදුකල විප්ලවය පටු දේශපාලන වාසි තකා හෑල්ලුවට ලක් කිරීම සහ එදා ජනවාරි 8 ජනතාවට ලබාදුන් පොරොන්දු මෙන්ම සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් උදෙසා ව්‍යාපාරයේ අරමුණු විනාශ කිරීමට කටයුතු කල පිරිස් පිළිබඳව හෙළිදරව් කිරීමක් සිදු කළා.

එහිදී ජනපතිවරයා සෘජුවම එක්සත් ජාතික පක්ෂ නායකත්වය විසින් ජනතා අභිලාෂයන් ඉටු කිරීමට නොදී සිය දේශපාලන සිහින වෙනුවෙන් රට විනාශ කල අයුරු කරුණු සහිතව හෙළි කරමින් කියා සිටියේ ජනවාරි 8 මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ ගජමිතුරන් සිදුකල නොහොබිනා ක්‍රියාකලාපයන් පිලිබඳවය.

මෙහිදී දින 100 වැඩසටහන පිළිබඳව ජනාධිපතිවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැතිව ආසන 47ක් පමණක් තබාගෙන දින 100 යෝජනා ක්‍රියාත්මක කිරීමට පෙර කල යුතුව තිබුනේ පාර්ලිමේන්තුව විසුරවා ස්ථාවර රජයක් පිහිටුවා ගතව තිබු බවයි.

තවද ජනවාරි 9 වනදා රාජපක්ෂවරුන් සමඟ ඩීල් දමාගත් ඒ.ජා.ප නායකයින් හැසිරුණු හා ක්‍රියා කල ආකාරය පිළිබඳව ජනතාව නොදන්නා රහස් හෙළි කලේ ජනාධිපතිවරයාට ගත වූ වසර තුන හමාර පිළිබඳව එල්ල වන විවේචන වලට පැහැදිලි පිළිතුරු ලබා දෙමින්.

තවද සෝභිත හිමියන් පොදු අපේක්ෂකයකු යොදා ආණ්ඩුවක් හැදුවේ මහ බැංකු කොල්ල කෑමට නොවන බවද මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කොට සිටියා.

පසුගිය වසර තුන හමාරේ සිදු වූ කරුණු කාරණා පිළිබඳව ගැටළු ඇති අයට තමන් සමඟ ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස අභියෝග කල ජනපතිවරයා එල්ල වන චෝදනා වලට පිළිතුරු ලබා දීමට තමා සුදානම් බව පැවසුවා.

එහිදී ජනාධිපතිවරයා හෙළිදරව් කල සියලු කරුණු පහතින් නරබන්න…

« PREV
NEXT »