Wednesday, May 16, 2018
Home
Gossip Lanka News
සයිටම් සිසුන් 982 ක් කොතලාවලට ගන්න කැබිනට් අනුමැතිය
සයිටම් සිසුන් 982 ක් කොතලාවලට ගන්න කැබිනට් අනුමැතිය
-
Wednesday, May 16, 2018
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් නවසිය අසූ දෙදෙනා කොතලාවල ආරක්‌ෂක විශ්වවිද්‍යාලයට අනුයුක්‌ත කිරීමට කැබිනට් මණ්‌ඩලය තීරණය කළ බව උසස් අධ්‍යාපන හා සංස්‌කෘතික කටයුතු ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතා ඊයේ (15 වැනිදා) පැවසීය.
මෙම තීරණයත් සමග සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි වෙයි.
සයිටම් සිසුන් ආරක්‌ෂක විශ්වවිද්‍යාලයට අනුයුක්‌ත කිරීමට අදාළ කැබිනට් සංදේශය ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ උසස් අධ්‍යාපන ඇමැතිවරයා ඒකාබද්ධවය.
කෙසේ වුවද මෙම තීරණයට තමන් කිසිසේත් එකඟ නොවන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්‌ඩලය මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
