BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, May 16, 2018

ඉන්ධන මිල ඉහළ දැමූ දින සිදු වූ ඉන්ධන බෙදා හැරීමේ වංචාවකින් කෝටියක පාඩවුක් තරාතිරම නොබලා දඬුවම් කරනවා - අමැති අර්ජුන රණතුංග අවධාරණය කරයි

ඉන්ධන මිල ඉහළ දැමූ දින සිදු වූ ඉන්ධන බෙදා හැරීමේ වංචාවකින් කෝටියකට ආසන්න පාඩවුක් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට (CPSTL) සිදුව ඇතැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා වැඩිදුරටත් පැවසුවේ මූලික විමර්ශන අවසන් වීමෙන් පසුව එම වංචාවට වගකිය යුතු නිලධාරීන් හඳුනාගෙන දැඩි දඬුවම් දීමට කටයුතු කරන බවයි. සිදු වූ පාඩුව වගකිව යුතු නිලධාරීන්ගෙන් අයකරගැනීමට පියවර ගන්නා බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු මේ බව කියා සිටියේ අද ( 16 ) ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඉන්ධන මිල ඉහළ දැමීම ආණ්ඩුව සිදු කළේ පසුගිය දහවැනිදා මධ්‍යම රාත්‍රියේ සිටය. ඒ බව එදිනම උදෑසන ආණ්ඩුව නිල වශයෙන් නිවේදනය කළේය. එවැනි අවස්ථාවක, එනම් ඉන්ධන මිල ඉහළ දමන බවට නිවේදනය කළ අවස්ථාවේ සිට ඉන්ධන මිල සැබෑ ලෙස ඉහළ යන අවස්ථාව දක්වා දෛනික ඇණවුම් ක්‍රමයට (Same Day System) එනම් එදිනම ඇණවුම් කර එදිනම ඉන්ධන තොග විකිණීමේ ක්‍රමයට ඉන්ධන තොග නිකුත් කිරීම තාවකාලිකව අත් හිටු වේ. එවැනි ක්‍රමයක් අනුගමනය කරන්නේ ඉන්ධනහල් හිමියන් විසින් වංචා සහගත ලෙස අඩුමිලට ඉන්ධන මිලදී ගෙන වැඩිමිලට පාරිභෝගියා වෙත විකිණීම වළක්වාලීමේ අරමුණිනි. කෙසේනමුත් පසුගිය දහවැනිදා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කොලොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවලින් දෛනික ඇණවුම් ක්‍රමයට ඉන්ධන බවුසර් 74ක් නිකුත් කර ඇති බව මූලික විර්ශනවලදී අනාවරණය වී තිබේ. ඒ කොලොන්නාව නිමාවෙන් බවුසර 52ක් සහ මුතුරාජවෙල නිමාවෙන් බවුසර 22ක් වශයෙනි. එයින් කොලොන්නාවේ නිමාවට රුපියල් 65, 80, 200ක පාඩුවක්ද මුතුරාජවෙල නිමාවට රුපියල් 24, 68, 400ක පාඩුවක්ද සිදුව තිබේ. ඊට අමතරව ඇතැම් ප්‍රාදේශීය ඩිපෝ ආශ්‍රිතව දෛනික ඇණවුම් ක්‍රමයට ඉන්ධන තොග නිකුත් කර ඇති බවද මේ වන විට මූලිකවිමර්ශන මඟින් හඳුනා ගෙන ඇත. එම ඉන්ධන වංචාවේදී පෙට්ට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් යනුවෙන් නිකුත් කර ඇති බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

“මේ වංචාව සම්පූර්ණයෙන්ම සිදු කරලා තියෙන්නේ සාමාන්‍ය ක්‍රමවේදයෙන් පිටතට ගිහිල්ලා අපේ ඇස් වහලා. එතැනදී සමහර ඉන්ධන හල්වලට මීට පෙර සුමානෙකදී නොගියපු ඉන්ධන තොග මේ පැය කිහිපයේදී ලබා දී තිබෙනවා. ඒ වගේම කලින් දවසේ මුදල් බැන්දත් ඉන්ධන තොග නොලැබුණු අය ඉන්නවා. සමහරු එදා පැයකින් මුදල් බැදලා තවත් පැයකින් ඉන්ධන තොග අරන් තියෙනවා. එය සම්පූර්ණයෙන් වංචාවක්. එම වංචාවට වගකිව යුතු නිලධාරීන් හඳුනා ගැනීමට මේ වන විට පුළුල් විමර්ශනයක් සිදු කෙරමින් පවතිනවා. ඒ වගේම පුළුල් විමර්ශනය අවසන් වූ පසුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මෙම වංචාවFCID එකට භාර දීමටත් කටයුතු කරනවා. ඇත්තටම මෙවැනි ඉන්ධන ජාවාරම් අවුරුදු ගානක් තිස්සේ සිදුවෙන දෙයක්. ටැංකි වලින් හොරකම් කරනවා. ඉන්ධන කවලම් කරනවා. එවැනි වංචා නැවතීමට මම තදින්ම කටයුතු කරනවා. පහුගිය කාලේ අපි ඉන්ධන හලක් වසා දැම්මා. කවුද, තරාතිරම මොකද්ද කියලාබැලුවේ නැහැ. නීතිය තදින් ක්‍රියාත්මක කළා. නමුත් මේ වැරදි දේවල් නතරකරන්න හදනකොට සමහර ඇමතිවරුත් අපිට ගහනවා......”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
« PREV
NEXT »