BREAKING NEWS
latest

728x90

468x60

Monday, May 07, 2018

ලෙස්ටර්ගේ රණමයුර සම්මානය හා ඇපල් දුරකතනය සොයාගනී.. සොරාගත් සිවුදෙනාත් අත්අඩංගුවට

අභාවප‍්‍රාප්ත ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ දේහය ඔහුගේ නිවසේ තිබියදී ඒ අසල තිබූ රණමයුර සම්මානය සොරකම් කරන ලද පුද්ගලයන් සිවු දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ප‍්‍රචලිත ගැටකපන්නන් සිව්දෙනකි.

මෙම සම්මානය අංක 177 පුද්ගලික බස්‌ රථයක දමා ගියේ මෙම සොරකම ගැන මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක්‌ දීම නිසා බව එම පිරිස සදහන් කර ඇත.

ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ නිවසින් වටිනා ජංගම දුරකතනයද සොරාගත්තේ ඔවුන් විසින් යයි පිලිගෙන ඇති අතර එය විකුණා දමා තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
« PREV
NEXT »