BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, May 02, 2018

ඌවේ වෛද්‍යවරු වර්ජනයකට සැරසේ

ඌව පළාත් රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයට ගෙවිය යුතු හිඟ අතිකාල දීමනාව නොගෙවීම හේතුවෙන් ඌව පළාතේ සියළු රෝහල්වල ක්‍රියාත්මක වන පරිදි වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සැරසෙයි.ලබන මැයි 07 වනිදාට පෙර මෙම හිඟ වැටුප නොගෙවන්නේ නම් සිය වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බව එම සංගමය ඊයේ (01) බදුල්ල පළාත් මහ රෝහලේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල ශාඛාවේ සහකාර ලේකම් වෛද්‍ය චතුර මාරසිංහ මහතා පවසන්නේ අදාල බලධාරීන් ඌව පළාත් සෞඛ්‍ය ආයතන වලට ගෙවිය යුතු අතිකාල දීමනා ගෙවීම විධිමත් ලෙස නොකරන බවයි.

මෙම අවස්ථාවට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය නියෝජනය කරන වෛද්‍යවරුන් වන ඩබ්.එම්.චාමින්ද බණ්ඩාර, එස්.එච්.බණ්ඩාර, සුරත් උබේරත්න, ඒ.ඩබ්.එන්.උදයංග යන මහත්වරුද එක්ව සිටියහ.
« PREV
NEXT »