Wednesday, May 09, 2018
Home
Gossip Lanka News
එජාප ආණ්ඩුව රැකගත් මහමොලකරු මංගල බවට දයාසිරිගෙන් චෝදනා
එජාප ආණ්ඩුව රැකගත් මහමොලකරු මංගල බවට දයාසිරිගෙන් චෝදනා
-
Wednesday, May 09, 2018
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංගය පරාජය පත් වූයේ අමාත්‍ය මංගල සමරවීරගේ මැදිහත් වීම නිසාවෙන් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.
ඊයේ(08) දෙරණ නාලිකාවේ 360 වැඩසටහන හා එක්වෙමින් මන්ත්‍රීවරයා මෙලෙස චෝදනා කර සිටියේය.
අගමැති ගෙදර යවන්න තිබ්බේ තව නිමේෂයයි
එවක එජාප අභ්‍යන්තරයේ පැවති අර්බුදකාරී තත්ත්වයත් සමගින් එජාප මන්ත්‍රීවරුන් 28 දෙනෙකු ඉතා පහසුවෙන්ම විශ්වාසභංගයට පක්ෂවීමට තීරණය කර තිබු පසුබිමක එය ජයග්‍රාහී අවසාන නිමේෂය අසල තිබියදී අමාත්‍ය මංගල සමරවීර සන්ධානයේ අමාත්‍යවරුන් 8 දෙනෙකු හා සිය නිවසේදී සාකච්චා පවත්වමින් ඔවුන්ගේ තීරණය වෙනස් කර විශ්වාසභංගයට විරුද්ධ ස්ථාවරයක් දක්වා ඔවුන් වෙනස් නොකරන්නට අද පවතින්නේ ශ්‍රීලනිප ආණ්ඩුවක් බවද හෙතෙම අවධාරණය කළේය.
එජාපය ආයෙත් ශක්තිමත් වුනා
සන්ධානයේ ප්‍රබලයන් 8දෙනාගේ තීරණය හමුවේ එජාප කැරලිකාර පිරිසද අතරමන් වූ බැවින් අවසානයේදී ඔවුන්ද එජාප අගමැති ආරක්ෂා කිරීමට මනාපය දීමෙන් සියල්ල නොසිතු ලෙසින් අවසන් වූ නමුත් තමන් ඇතුළු 16දෙනා විශ්වාසභංගය පරදින බව දැන දැනත් එයට මනාපය දුන් බවද අවසානයේ එජාපයත් අගමැතිත් තවත් ශක්තිමත් වීම පමණක් සිදු වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසිය.
newstube
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...