BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, May 29, 2018

රාජිත ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය සභාපති ධූරයට පත්වෙයි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය සභාපති ධූරයට සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ඊයේ (28) නිතරගයෙන් තේරී පත්වී තිබෙනවා. ඒ වසරක කාලයක් සදහායි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අද පැවැති 143 වන විධායක මණ්ඩල රැස්වීමේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම තනතුරට තේරී පත්ව තිබෙනවා. සභාපති ධූරය සදහා පත් වූයේ බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යවරයායි.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න එහි විධායක මණ්ඩල සාමාජිකයෙකු ද වනවා.
දකුණේ වෛරස් උණ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අතිරේක වෛද්‍ය කණ්ඩායමක්
මේ අතර පසුගිය දිනවල දකුණු පළාත තුළ පැතිර ගිය වෛරස් උණ රෝගය පාලනය සහ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබද සොයා බැලිමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (28) පස්වරුවේ හදිසියේම සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ගියේය.
එහිදී අදාළ නිලධාරින් සමග සාකච්ඡාවකට එක්වූ ජනාධිපතිතුමා රෝග ව්‍යාප්තිය පාලනය වෙනුවෙන් සහ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ගෙනයන කඩිනම් වැඩපිළිවෙළ පිළිබද සොයා බැලීය.
ඒ අනුව දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගය හේතුවෙන් රෝහල්ගතවන රෝගීන්ට ප්‍රතිකාර කිරිම සදහා  අතිරේක ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් දකුණු පළාතට අද (28) යොමු කර ඇත.
ඒ අනුව පේරාදෙණිය රෝහලේ ඡ්‍යෙෂ්ඨ ළමා රෝග ලේඛකාධිකාරිවරයා සහ බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ද, ළමා රෝහලේ තවත් විශේෂඥ වෛද්‍යවරයෙකු කඹුරුපිටිය මුලික රෝහලට ද තාවකාලිකව යොමු කර ඇත.
ඉදිරියේ දී තවත් විශේෂඥ වෛද්‍යවරු කිහිප දෙනෙකු දකුණූ පළාතේ රෝහල්වලට තාවකාලිකව අනුයුක්ත කිරීමට නියමිතය.
රෝගී සත්කාර සේවා සදහා හෙද හෙදියන් අවශ්‍ය බැවින් හෙද පුහුණු පාසල් වලින් පුහුණුව අවසන් කළ හෙද සිසුන් තාවකාලිකව දකුණු පළාතේ රෝහල්වලට අනුයුක්ත කර තිබේ.
වෛරස් උණ රෝගයට ගොදුරු වූ රෝගීන් දකුණු පළාතේ රෝහල් 08 ක ප්‍රතිකාර ලබන අතර, මේ වනවිට රෝගීන් ඇතුලත්වීමේ අඩුවක් දක්නට ලැබෙන බව දකුණු පළාතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පි.බී විඡේසුරිය මහතා පවසයි. වැඩිහිටි රෝගීන්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු වී ඇත.
ඉදිරි සති දෙක තුල රෝගය පාලනය කර ගැනීමට හැකිවනු ඇතැයි අධ්‍යක්ෂවරයා විශ්වාසය පළ කරයි. ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් දියත් කර ඇත.
« PREV
NEXT »