BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, May 29, 2018

ලොව බහලු මෙහෙයුම් වරාය අතර දෙවන ඉහළම වර්ධනය කොළඹ වරායෙන්

මේ වර්ධන වේගය සිංගප්පූරු වරායට පමණක් දෙවැනි වන විශේෂ වර්ධන වේගයක් බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි.

ඇල්ෆා ලයිනර් (Alphaliner global Port rankingsthe) වාර්තාවලට අනුව මේ වර්ධනීය තත්ත්වය හඳුනාගෙන ඇති අතර බහලූ මෙහෙයුම් වරායයන් අතර පළමු ස්ථානයේ පසුවන සිංගප්පූරු වරාය 16.5% වර්ධනයක් පෙන්නුම් කරන අතර, දෙවැනි ස්ථානය 16.2% ක වර්ධනයකට හිමිකම් කියන කොළඹ වරායට ද, තෙවැනි ස්ථානයේ (11.6%) චීනයේ සියාමෙන් (Xiamen) වරායට ද, සිව්වැනි ස්ථානය ‍බෙල්ජියමේ ඇන්ට්වීප් (Atwerp - 10.7%) වරාය ද , චීනයේ නින්ග්බෝ (Ningbo 10.4%) පස්වන ස්ථානය ද හිමිකර ගෙන ඇත.

කොළඹ වරාය පසුගිය වසරට සාපේක‍්ෂව 2018 පළමු කර්තුවේ බහලූ මෙහෙයුම් 16.2% ක වර්ධන වේගයක් ද පෙන්නුම් කරයි.

ලෝකයේ වරාය වර්ගීකරණයේ දී 23 වන ස්ථානය හිමිකර ගත් කොළඹ වරාය තවදුරටත් ප්‍රවර්ධනය

කිරීමේ අරමුණින් කොළඹ වරාය තුළ ක්‍රියාත්මක ප්‍රධාන පර්යන්ත ත්‍රිත්ත්වය වන ජේසීටී, සීඅයිසීටී, සහ එස්ඒජීටී පර්යන්ත සමඟ සාමුහික ගිවිසුමට අත්සන් කිරීම ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් පසුගියදා සිදුකරන ලදී.

මෙම නව සාමුහික ගිවිසුම යටතේ පර්යන්ත ත්‍රිත්වය සාමුහිකව බහලූ මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කෙරේ. එමගින් සියලූ බහලූ මෙහෙයුම් සේවාවන් කාර්යක්ෂම හා ඵලදායි ලෙස ලබා දීමට හැකිවෙතැයි අපේක‍ෂිත ය.

කොළඹ වරායේ බහලූ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණය සඳහා වරාය හා නාවික කටයුතු ඇමති මහින්ද සමරසිංහ සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේසභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහත්වරු ඊයේ (28) නිරීක‍්ෂණ චාරිකාවකට ද එක්ව සිටියහ.
« PREV
NEXT »