BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, May 29, 2018

අගමැති යාපනයේ යයි

යාපනය, කිලිනොච්චිය, මුලතිව් දිස්ත්‍රික්ක රටේ සමස්ත සංවර්ධන ක්‍රියාවලියට එකතු කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ උතුරු පළාතේ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයාබැලීම සඳහා උතුරු පළාතේ ඊයේ (28) සිදු කළ සංචාරයේදී කිලිනොච්චියේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවේදීය.

හම්බන්තොට, මහනුවර, මොනරාගල දක්වා ඉදිවන සංවර්ධන තීරුව යාපනය දක්වා දීර්ඝ කර එම දිස්ත්‍රික්ක ද රටේ සංවර්ධනය සඳහා එකතු කරන බව ද එමගින් යාපනය සිට හම්බන්තොට දක්වා සංවර්ධනය කරන බව ද අගමැති වික්‍රමසිංහ මහතා කීය. යාපනයේ දැනටමත් සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වන බවත් කිලිනොච්චිය, මුලතිව් ප්‍රදේශ තවත් සංවර්ධනය කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

උතුරු පළාත ‍රටේ සමස්ත පළාත් අතුරින් දුප්පත්ම පළාත බවත් එයින්ද කිලිනොච්චිය, මන්නාරම ප්‍රදේශවල දියුණුවක් සිදුවී නොමැති බව ද කීය. මෙම ප්‍රදේශයන් දියුණු කර අනෙක් ප්‍රදේශවල මෙන් ආර්ථික සංවර්ධනයක් ඇති කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී කීය.
« PREV
NEXT »