BREAKING NEWS
latest

728x90

468x60

Monday, May 28, 2018

පාතාලය මිනී මරද්දී පොලිස්‌පති නීතිය නවනවා - මහින්ද රාජපක්‍ෂ

එදා කොටි ත්‍රස්‌තවාදීන් උතුරු - නැගෙනහිර මැරුවාක්‌ මෙන් අද පාතාලය මිනීමරද්දී පොලිස්‌පතිවරයා නීතිය නවමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

පාලකයන් ඔවුන්ගේ හිතවත්කම්වලට දේශපාලන වුවමනා එපාකම්වලට පිටරට පැනලා හැංගිලා හිටපු පාතාල නායකයන්ට ආරාධනා කර මෙරටට යළි ගෙන්වාගෙන සිටියදී ඔවුන් කිසිත් නොදත් දරුවන් සමඟ දෙතුන් දෙනා මරපු අවස්‌ථා තිබෙන බවද මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කළේය.

සමහර පාතාල නායකයන් පිටරටවල සිටම එම ඝාතන මෙහෙයවන බවට පොලිස්‌ වාර්තා ඇතැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.

බලපිටිය, වැලිතර ශ්‍රී සුගතෝදය මහා පරිවේණාධිපති, ශාස්‌ත්‍රපති පූජ්‍ය පණ්‌ඩිත අහුන්ගල්ලේ විමලධම්ම තිස්‌ස නාහිමියන් වෙත සිරි විමලානන්ද වංසාවතංස යන ගෞරව නාමය සහිතව අමරපුර මූලවංශික මහා නිකායේ අනුනායක ධුරය පිළිබඳ ශ්‍රී සන්සන් පත්‍රය පිරිනැමීමෙන් අනතුරුව පෙරේදා (26 දා) පැවැති උත්සවයේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

අමරපුර මහා සංඝ සභාවේ හිටපු සභාපති, අමරපුර කල්‍යාණවංශ මහා නිකායේ මහානායක අතිපුජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් බලපිටිය, වැලිතර අඹගහපිටිය මූල මහා විහාරස්‌ථානයේදී මෙම උත්සවය පැවැත්විණි.

නීතිය නවනවා හැර පොලිස්‌පතිවරයාට වෙනත් දෙයක්‌ කළ නොහැකි බව ද මෙහිදී කී මහින්ද රාජපක්‍ෂ මහතා ස්‌වාධීනයි කියා පත්කළ පොලිස්‌ කොමිසමෙන් දෙන කිසිදු නියෝගයක්‌ පොලිස්‌පතිතුමා ක්‍රියාත්මක කරන්නේ නැතැයි ද පොලිස්‌පති තරහා නම් කොමිසම මොනවා කීවත් පලක්‌ නැතැයි ද වැඩිදුරටත් කීය.

අනුර යසමිත් - බලපිටිය
« PREV
NEXT »