BREAKING NEWS
latest

728x90

468x60

Monday, May 28, 2018

මුහුණුපොතේ පෙම්වතා සමග තිස්‌සමහාරාමයේ සිසුවිය පැන ගිහින් - ගොකරැල්ලේදී දෙදෙනාම අත්අඩංගුවේ

දහනම හැවිරිදි තරුණයකු සමඟ වසරකට අධික කාලයක්‌ මුහුණු පොතෙන් ආදර සබඳතාවක්‌ පවත්වාගෙන ගිය දාහතර හැවිරිදි පාසල් දැරියක්‌ මවුපියන්ට හොරෙන් එම දහනම හැවිරිදි පෙම්වතා සමඟ පැනගොස්‌ පෙම්සුව විඳිමින් සිටියදී කුරුණෑගල ගොකරැල්ල ප්‍රදේශයේදී වීරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස්‌ පරීක්‍ෂණවලට අනුව මෙම සැකකාර තරුණයා සමඟ මුහුණු පොතෙන් ආදර සබඳතාවක්‌ පවත්වාගෙන ගිය තිස්‌සමහාරාම වීරවිල පොලිස්‌ බල ප්‍රදේශයෙහි පදිංචි පාසල් යන ලාබාල සිසුවියට තිස්‌සමහාරාම නගරයට එන්නැයි තරුණයා විසින් ආරාධනා කර තිබේ.

ඒ අනුව ඇය මවුපියන් රවටා පාසල් යන මුවාවෙන් තිස්‌සමහාරාම නගරයට පැමිණ සැකකරු හමුවී තිබේ.

එහිදී ආදරවන්තයාගේ ඉල්ලීමට අනුව ඇය ඔහුත් සමඟ ආදරවන්තයාගේ ගම් ප්‍රදේශය වන කුරුණෑගල ගොකරැල්ල ප්‍රදේශයට ගොස්‌ ඇත.

මේ අතර උදැසන පාසල් ගිය තම දියණිය සවස්‌වන තුරු නිවසට නොපැමිණීම නිසා ඇයගේ පියා විසින් තිස්‌සමහාරාම වීරවිල පොලිසියට පැමිණිලි කර තිබේ.

එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ වීරවිල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක කුමුදු තුෂාර මහතාගේ මූලිකත්වයෙන් පවත්වන ලද විශේෂ පොලිස්‌ පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත්තේ අතුරුදන් වූ දැරිය කුරුණෑගල ප්‍රදේශයෙහි තරුණයකු සමඟ ප්‍රේම සබඳතාවක්‌ පවත්වාගෙන ගිය බවය.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ වීරවිල පොලිසිය මාතර හා තංගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති විජිත ගුණරත්න මහතාගේ, තංගල්ල පොලිස්‌ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි ලක්‌සිරි ගීතාල් මහතාගේ හා හම්බන්තොට සහකාර පොලිස්‌ අධිකාරිවරයාගේ උපදෙස්‌ මත වීරවිල පොලිස්‌ ස්‌ථානාධිපති කුමුදු තුෂාර මහතාගේ අධීක්‍ෂණය යටතේ කුරුණෑගල ගොකරැල්ල ප්‍රදේශයට පොලිස්‌ නිලධාරීන් කිහිප දෙනකු යවා අතුරුදන්වූ පාසල් පෙම්වතිය සහ සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් ඔවුන් තිස්‌සමහාරාම මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. වීරවිල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

දෙබරවැව - ඒ. ඒ. පේමසිරි
« PREV
NEXT »