BREAKING NEWS
latest

728x90

468x60

Sunday, May 20, 2018

රාජිතගේ කතාවට ජනපති රිදෙන්න දුන්න උත්තරේ මෙන්න


ඉකුත් සතියේදී රාජිත සේනාරත්න මහතා කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් රණවීරු සැමරුම පිලිබදව ඇසු ප්‍රශ්න කිහිපයකදී ලබා දුන් පිළිතුරු නිසා පක්ෂ විපක්ෂ බොහෝ පිරිසක් රාජිත සේනාරත්න මහතා සිදු කල ප්‍රකාශ පිලිබදව දැඩි අප්‍රසාදයක් පළකර සිටියා.එමෙන්ම බොහෝ ප්‍රදේශයන්හි එම ප්‍රකාශයට විරෝධය පල කරමින් විරෝධතාද පැවැත්වුවා.මෙම ප්‍රකාශය රජයේ ස්ථාවරයද යන්න ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ජනතාවට පැහැදිලි කලයුතු බව ඇතැම් පිරිස් මාධ්‍යට ප්‍රකාශ කර සිටියා.



මේ සිදුවීම් සියල්ල සිදුවන විට ඊයේ දිනයේදී ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේදී පැවැත්වුවා.එහිදී ජනාධිපතිතුමා කල කතාව බොහෝ දෙනාගේ අවධානයට යොමුවිය.රාජිත සේනාරත්න මහතා සිදුකල කතාවට පමණක් නොව පක්ෂ විපක්ෂ සියලු දෙනාටම ජනාධිපතිවරයා එහිදී රණවිරුවාගේ අගය පැහැදිලි කරමින් වාග් ප්‍රහාරයක් එල්ල කලේ මෙලෙසින්ය.

අද ඇතැම් අය යුද්ධය පැවැති ආකාරය, මේලේච්ඡු එල.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ගේ ක‍්‍රියාකාරකම් පිළිබඳව බොහෝ විට වැරදි විග‍්‍රහයන් කරනවා. වැරදි නිගමනයන් සිදු කරනවා. එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදී ප‍්‍රහාරවලින් මියගියේ සිංහල ජනතාව පමණක් නොවේ. මුස්ලිම් ජනතාව පමණක් නොවේ. ද්‍රවිඩ ජනතාව පමණක් නොවේ. විශේෂයෙන් සඳහන් කළ යුතුයි, පාර්ලිමේන්තුවේ සිටි විපක්ෂ නායකවරයෙක් වූ ද්‍රවිඩ නායකයෙක් වූ අප්පාපිල්ලේ අමිර්තලිංගම් තරුණ උගත් දේශපාලනඥයෙක් වූ තිරුචෙල්වම් මුළු ලෝකයේම ගෞරවයට ආදරයට පාත‍්‍ර වූ අපේ විදේශ ඇමතිවරයෙක් වූ උගත්, බුද්ධිමත් ලක්ෂ්මන් කදිරගාමර් ඇමතිතුමා එවැනි එක් එක් අංශ වශයෙන් සඳහන් කළ හැකියි.

ත‍්‍රස්තවාදියා කවුද? රණවිරුවා කවුද? පැහැදිලි කරගැනීමට අද සමහර අයට නොහැකිවීම පිළිබඳව මම කණගාටු වෙනවා. රණවිරුවා සහ ත‍්‍රස්තවාදියා තේරුම් ගැනීමේ නොහැකියාව ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයින්ටත් තිබෙනවා. විපක්ෂයේ දේශපාලනඥයින්ටත් තිබෙනවා. මුදල් ඉපයීමට රට අවුල් කිරීමට සාදාගත් එන්.ජී. ඕ. වලටත් තිබෙනවා. මේ සියලූ දෙනාටම ප‍්‍රශ්නයක් දෙස බලන විට ශ‍්‍රී ලාංකිකයින් නම් දේශීය චින්තනයක් තුළ අපේකම් තුළ අපේ උරුමයන් තුළ අපේ ශිෂ්ටාචාරයේ සහ සභ්‍යත්වයේ ගෞරවය සහ අනන්‍යතාවය තුළ රට ගැන, ජනතාව ගැන සහ රණවිරුවන් ගැන සිතන්නට කියා මා ඒ අයගෙන් ඉල්ලීමක් කරනවා."

ජනාධිපතිවරයා විසින් සිදුකල මෙම ප්‍රකාශය බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබෙනවා.තවද ජනාධිපතිවරයා සිදුකල කතාවෙන් රාජිත සේනාරත්න අමාත්‍යවරයාට කදිම පිළිතුරක් ජනාධිපතිවරයා විසින් දුන් බව බොහෝ දෙනාගේ මතය වී තිබෙනවා.


« PREV
NEXT »