BREAKING NEWS
latest

728x90

468x60

Saturday, May 12, 2018

දැව සංස්‌ථාව ශාන්ත බණ්‌ඩාරට

රාජ්‍ය දැව සංස්‌ථාවේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්‌ඩාර මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (11 වැනිදා) පත්කරනු ලැබීය.

අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති නිල නිවසේදී ඊයේ දහවල් ලබාදුණි. 

ශාන්ත බණ්‌ඩාර මහතාට මෙම තනතුර ලබාදීමට පෙර අනුරුද්ධ පොල්ගම්පොළ මහතා මීට සතියකට පෙර එය දැරූ අතර ඔහුට එරෙහිව අල්ලස්‌ දූෂණ චෝදනා ඇති බවට විවිධ පාර්ශ්ව මගින් එල්ල කරන ලද චෝදනා සලකා බලා ජනාධිපතිවරයා විසින් ඔහු එම තනතුරින් පෙරේදා (10 වැනිදා) ඉවත් කරනු ලැබීය. 

ඊට පෙර මෙම තනතුර දැරුවේ පී. දිසානායක මහතා ය. ඔහු ඉකුත් 03 වැනිදා අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන නිලධාරීන් විසින් අල්ලස්‌ ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගනු ලැබීය.
« PREV
NEXT »