BREAKING NEWS
latest

728x90

468x60

Saturday, May 12, 2018

ගීතා දොස්තරට අදී - මේ ආණ්‌ඩුව තව තිබුණොත් මිනිසුන්ගේ ආයුෂත් කෙටි වේවිලු

මිනිසුන්ට එපා වෙලා තියෙන මේ යහපාලන ආණ්‌ඩුව තව කාලයක්‌ තිබුණොත් මේ අහිංසක ජනතාවගේ ආයුෂ ඉක්‌මණින්ම ඉවර වෙනවා. අල්ලස, දූෂණය, හොරකම, රජකරමින් තිබෙන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයටයි. යූ. එන්. පී. යටයි එරෙහිව රටේ ජනතාව ළඟදීම පාඩමක්‌ උගන්වනවා ෂුවර්..." යෑයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය දිවයිනට පවසා ඇත.

මෙහිදී තවදුරටත් කතා කළ ගීතා කුමාරසිංහ මහත්මිය මෙසේ ද කියා සිටියාය.

"දැන් ගෑස්‌ මිල මේ ආණ්‌ඩුව ඉහළ දැම්මා. කිරිපිටි මිල වැඩිකළා. මේ රජයට රටේ ජනතාව ගැන කැක්‌කුමක්‌ නැහැ. ජනතාවට මොන වගේ සේවයක්‌ ද කරන්න ඕන කියලා ඒ අයට හැඟීමක්‌ නැහැ".

ජනතාවට සහන සපයන්න බැරිව අද යහපාලනේ හිරවෙලා. රටේ කිසිම සංවර්ධන කටයුත්තක්‌ වෙන්නේ නැහැ. බඩු මිල ගණන් ඉහළ දමමින් ආණ්‌ඩුව ඉතිරි මාස ටික කොහොමද ගෙනියන්නේ කියලයි ඒ අය බලන්නේ.
« PREV
NEXT »