Tuesday, May 22, 2018
Home
Gossip Lanka News
අපේ විරෝදාර සෙබලුන් විකුණා ගෙන කන්න එපා - ඇමැති අර්ජුන
අපේ විරෝදාර සෙබලුන් විකුණා ගෙන කන්න එපා - ඇමැති අර්ජුන
-
Tuesday, May 22, 2018
“අද අපි වගේම අපේ දරුවනුත් නිදහසේ ඉන්නේ අපේ රටේ වීරෝදාර සෙබලුන් කළ වීර ක්‍රියාව නිසා. ඒ නිසා මම පක්ෂ විපක්ෂ සියලුම දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටිනවා අපේ රටේ වීරෝදාර සෙබලුන් විකුණාගෙන කන්න එපා කියලා. එම ඉල්ලීම මම මාධ්‍යයෙනුත් කරනවා. ඒ වගේම මම රණවිරුවන්ගෙනුත් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා දේශපාලනඥයින්ට පාවිච්චි වෙන්න ඉඩ දෙන්න එපා කියලා.
අපි හැමෝම පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව රණවිරුන්ට ගරු කරන්න ඕන. සාපේක්ෂව ගත්විට වත්මන් ආණ්ඩුව රණවිරුන්ට උපරිම ලෙස සලකා තිබෙනවා. අපිට අමතක නැහැ පසුගිය ආණ්ඩුව අපේ රණවිරුන්ට සැලකූ හැටි. කාණු සුද්ධ කරන්න දුන්නේ. එහෙම රණවිරුවන්ට සලකපු ආණ්ඩුවක් එදා තිබුණේ. අද ඒ සියල්ල වෙනස් වෙලා. අද රණවිරුන්ට ඉහළම ගෞරවය මේ ආණ්ඩුව ලබා දී තිබෙනවා.....” යැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා මේ බව කියා සිටියේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ යාවත්කාලීන කළ නව වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ යාවත්කාලීන කළ නව වෙබ් අඩවිය විවෘත කිරීම අද (22) සිදු කෙරුණේ දෙමටගොඩ පිහිටි අමාත්‍ය කාර්යාල ශ්‍රවණාගාරයේදීයි. ඒ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සුරතිනි. දෙමටගොඩ පිහිටි අමාත්‍ය කාර්යාල ශ්‍රවණාගාරයේදී විවෘත කිරීමේ උත්සවය පැවැත්විණ. අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ, අතිරේක ලේකම්වරුන් වන එස්. හෙට්ටිආච්චි, සමන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළුව සම්භාවනීය අමුත්තන් රැසක් එම අවස්ථාවට එක් වූහ. එහිදී උත්සව සභාව අමතමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ ඛනිජ තෙල් මිල පාලනය කිරීමට හොඳම විසදුම නව පිරිපහදුවක් ඇති කිරීම බවයි. අධිවේගී මාර්ග තැනීමට වඩා ඉන්ධන පිරිපහදුවකට රටේ මුදල් ආයෝජනය කිරීම වඩාත් සුදුසුබව තමන් පෞද්ගලිකව සිතන බවද ඔහු කියා සිටියේය. “කවුරු විවිධ දේ කතා කළත් අද වෙනකම් පිරිපහදුව සඳහා අත තියල නෑ. අපිට හරි විදිහට පිරිපහදුවක් හදල දුන්නොත් වසරකට ඩොලර් මිලියන 400 ක් 450 ක් අපට අවුරුද්දකට ඉතුරු කරන්න පුලුවන්. මේ පොඩි ගානක් නෙමෙයි. නමුත් අපිට පිරිපහදුව හදන්න යන්නේ ඩොලර් බිලියන 2ක් 3ක් වගේ ගාණක්. ඒකත් අවුරුදු 6කින් 7කින් ආපසු ලබාගන්න පුලුවන්. ඒ නිසා මම පෞද්ගලිකව කියනවා රජයක් හැටියට, අධිවේගී මාර්ග හදන එක විතරක් නෙමෙයි, මුදල් යොදලා මේ වගේ දෙවල්වලටත් ප්‍රමුඛත්වයක් දෙන්න ඕන….” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සියේය. මෙහිදී උත්සව සභාව අමතමින් අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසුවේ රජයේ නව ප්‍රතිපත්තිවලට අනුරූපව මහජනතාවට නිවැරදි තොරතුරු සන්නිවේදනය කිරීමේ අපේක්ෂාවෙන් අමාත්‍යාංශ වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට පියවර ගත් බවයි. හුදු වෙබ් අවකාශයකට පමණක් සීමා නොවී ඛනිජ තෙල් විෂය ප්‍රචලිත කිරීමේ ක්‍රමෝපාය මාර්ගයක් ලෙස සහ දැනුම් ගබඩාවක් ලෙස වෙබ් අඩවිය ඉදිරියේදී සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවද උපාලි මාරසිංහ මහතා පැවසීය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...